Thursday, January 17, 2019

අායෙත් එනවද?

ආයෙත් එන්න

එකම එක දවසක්වත්

නුඹ හමුවුණු එ් මාවත අද්දරට

එදා මට දුන්න අාදරෙත් අරන්

තව එකපාරක්

ඉස්සර වගේ මට හිනාවෙන්න


Saturday, January 12, 2019

#Black January




දන්නවද සමහර දේවල් තියනවා අපි පිස්සුවෙන් වගේ අාදරේ කරන. එහෙම කරන්නෙ අැයි කියන්න අපි දන්නෙත් නෑ. එ් කියන්නෙ අහේතුක අාදරයක්. එහෙම අය අාදරේ කරන්නෙ මුළු අාත්මයටම, හැම හුස්මකම රැඳිලා තියෙනවා එ් අාදරේ.
හිත අස්සටම කිඳා බැහැලා මුල් අැද්දට පස්සෙ  අාදරයක් එතනින් ගලවගන්න හරිම අමාරුයි. අපිටත් එ් අාදරේ එ් විදිහටම ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් අාදරේ කරන්න හොඳ නැහැ. මොකද හැමෝම එකවගේ නෙමෙයිනෙ.හැමකෙනෙක්ටම තියනවා පුළුවන් සීමාවක්.අපි එ්ක තේරුම් ගන්න ඕනෙ අාදරෙ කරද්දී..නැත්නම් හැමදාම හිත් රිදවීම් එක්ක ජීවිතේ ගෙවන්නයි වෙන්නෙ.සර්ව සම්පූර්ණ මිනිස්සු නැහැ. හැමෝටම තියෙනවා තමන්ටම අනන්‍ය වුණු දුර්වලකම්  අඩුපාඩු.අාදරේ ගලපගන්න ඕනෙ, නැත්නම් එ්ක පැටලුණ නූල් බෝලයක් වගේ වෙනවා. අනිත් කෙනාගෙ අාසාවන්ට ගරු කරන්න ඕනෙ. තමන්ගෙ සතුට ගැන විතරක් හිතලා අනිත් කෙනාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න හදනවා නම් එතන කෙහෙන්ද අාදරයක්...

*****************************************

එයා මගෙ අතින් අල්ලන් ඉස්සෙල්ලම මට පොරොන්දු වුණේ මොන ප්‍රශ්නෙ අාවත් කවදාවත් මාව අත අරින්නෙ නෑ කියලා. ඔව් එයා එහෙම කළා, එයාගෙ හිතේ තිබ්බ තනිකම මැකිල යනකන් විතරක්. ඊට පස්සෙ එයා ගියේ අාදරේක සේයාවක්වත් මතක නැති ගානට.අැත්තටම අාදරේ කළා නම් හේතු හොයන්නෙ දාලා යන්න නෙමෙයි තත්පරයක් හරි ළඟින් ඉන්න.එයා හැමවෙලාවකම මං එක්ක රණ්ඩු කළා, මාව එපා කිව්වා. මොකද එයා දැනගෙන හිටියා මං කවදාවත් එයාව දාලා යන්නෙ නෑ කියලා.එ්ත් දවසක් එනවා මේ හැමදේම තවදුරටත් දරා ගන්න බැරි වෙන. මං හිත හදාගත්තා වෙෙරයක් නැතුව එ් අාදරේට තිත තියන්න.ඉතිං අපේ මතකය අැති මට හිත යට තියාගෙන සැරින් සැරේට විඳගන්න වගේම විඳවන්නත්.
       
                         

Friday, November 23, 2018

නික්මන

"ඔයා මාව සැක කරනවට මං පොඩ්ඩක්වත් කැමති නෑ. එ්ක මට හරිම වදයක්"
 විසල් එහෙම කිව්වෙ හරියට මං කැමැත්තෙන් එයාව සැක කරනවා වගේ. දවස් ගාණක් තිස්සෙ හරියට කතාවක් හිනාවක් නැතුව ජීවිතේ ගෙවෙද්දී,එයා මාව මඟ අරිනවා වගේ දැනෙද්දි මට පොඩි සැකයක් අාව එකේ වැරැද්දක් මට පෙනුණෙත් නැහැ.වෙනදට මං එනකන් ඉඳලා එකම කෝච්චියෙ කොළඹට අාවෙ අපි දෙන්නා.හවසටත් එහෙමයි. අාදරේ පුරෝගෙන හිනාවෙන එ් අැස් අැතුළෙ ගිලිලා එද්දි කවදාවත් මට මහන්සියක් දැනුණෙ නෑ. මං හැමදාම ඔෆිස් යන්න ලොකුම හේතුවත් එයා. එ්ත් දැන් මං එන්න කලින් එයාට ඕන යන්න. මං දැනුයි දන්නෙ  ඔෆිස් එක කොච්චර දුරද කියලා  එ් වගේම මට කවදාවත් එ් දුර දැනුණෙ නෑ කියලා එ් මං එක්ක එයා හිටිය නිසා කියලා.
විසල්ට ඕන වුණෙ ටික කාලෙකට මාව අාශ්‍රය කරන්න,පොඩි වෙනසක් දකින්න. එයා හොඳටම දන්නවා මං කවදාවත් එයාට තනියක් දැනෙන්න ඉඩ තියන්නෙ නෑ කියලා.
මේ වගේ සිතුවිලි සැරින් සැරේට එද්දි මට කරකියා ගන්න දෙයක් නැති වෙනවා. මං ටික වෙලාවක් යනකන් සද්ද නැතුව ඉන්නවා. අැස් වලින් එළියට පනින්න දඟලන කඳුළු නවත්තගන්න වෙන සිතුවිලි එක්ක ඔට්ටු වෙනවා. එ්ත් මං පොඩ්ඩක්වත් තරහ නෑ විසල් එක්ක. එයා එකම එක පාරක් මට අාදරෙන් කතා කළා නම් මගෙ හිත උණු වෙනවා හැමදෙයක්ම අමතක කරලා අායෙත් එයා ළඟටම වෙලා ඉන්නවා. අන්තිමට මං මගෙ හිත හදාගන්න මහන්සි වෙනවා. අැයි මං මෙච්චර මුරණ්ඩු,කවදාවත් මං එයා ගැන වැරදියට හිතන්න හොඳ නෑ කියලා. මට ඕන වුණා මොනවා වුණත් එයාව සතුටින්ම තියන්න.එයාව ගොඩක් වටින නිසා මං කැමැත්තෙන්ම විසල්ට යටත් වුණා හැමදාම.
දිගින් දිගටම මං එක්ක රණ්ඩු අල්ලපු, මාව දාලා යන්න හදපු විසල්ව මං තේරුම් ගන්න උත්සාහ කළා.
අන්තිමට  මං තේරුම් ගත්තා එයාට තවදුරටත් මාව ඕනෙ නෑ කියලා. එ්ත් මං තාමත් විසල් දිහා බලාගෙන ඉන්න, එ් අැස් වලින් ජීවිතේ දකින්න අාසයි. අාදරයක වටිනාකමක් දැනෙන්නෙ නැති ජීවිතයකට අාදරේ දීලා මට ලැබුණෙ වේදනාව විතරක් වුණත් මං එ් වේදනාව රස විඳිනවා විසල්ගෙ අාදරේ නාමෙන්  ....

Friday, November 2, 2018

Counting Days







Counting Days






බෝඩිමේ හැමෝම හොඳටම නිදි. හ්ම් සද්දයක් නෑ. මං අැඳට අාපු වෙලාවෙ ඉඳන් නිදිමත එනකන් එ් පැත්තට මේ පැත්තට පෙරළි පෙරළී පැය කීයක් නම් හිටියද කියලා මට මතක නෑ. සිවිලිමේ එල්ලිලා හෙමින් හෙමින් කැරකෙන ෆෑන් එක දිහා බලාගෙන මං හිතින් ගොඩක් දුරකට ගියා.
***      ***      ***      ***      ***      ***      *** 
ඉස්සර මට හොඳට නින්ද යනවා.එ්ත් ඔයාට නින්ද යන්නෙ නෑ. එ්ක ඔයාට කරදරයක් වෙලා තිබුණෙ. ඔයාට හොඳට නින්ද ගිය දවසට ඔයා ඉන්නෙ සතුටින්..

ගොඩක් දවස් වලට ඔයත් එක්ක චැට් කරද්දි කෝල් කරද්දි දන්නෙම නැතුව මට නින්ද ගිහින්, අායෙ පහුවදා උදේම අැහැරලා බලනකොට ඔයා තරහ වෙලා..ඔයා තරහා වුණහම යාළු කරගන්න සෑහෙන්න අමාරුයි.අන්තිමට ටිකක් රණ්ඩු වෙලා මං හොඳටම බැනුම් එහෙම අහලා ඉවර වෙලා අායෙත් අපි යාළු වෙනවා. ගොඩක් දවසට හිටියටත් වැඩිය අාදරෙන් ඉන්නවා.එ් අපි දෙන්නගෙ හැටි. තරහ වෙනවා යාළු වෙනවා

ඉක්මනට නින්ද යන එක මට තිබුණ ලොකුම නරක පුරුද්ද. ලෙක්චර්ස් වලදිත් කිසි ගානක් නැතුව නිදාගන්නවා. එ්ක හදාගන්නත් මට ගොඩක් අමාරුයි. කොහොම වුණත් මං දන්නවා වෙලාවකට මං වැරදියි කියලා ඉතින් ඔයා බනිද්දි මට පුළුවන් අහගෙන ඉන්න, පොඩ්ඩක්වත් තරහ වෙන්නෙ නැතුව.
ඔයා  මගෙන් දැක්ක, මට කියලා දුන්න අඩුපාඩු ගොඩක් මං හදාගත්තා.
එ්ත් අන්තිමට පොඩිම පොඩි දේකට මට හිතන්නවත් වෙලාවක් නොදී ඔයා ගියා ... දුරකට.
මට ඉන්න කියලා,
අායෙත් එන්නම් කියලා..
එහෙම වෙන්න හේතුව මං තාමත් හොයනවා.එ් වගේම මං බලන් ඉන්නවා.මගෙන් අරගෙන ගිය සැනසීමත් අරන් ඔයා එනකන්.
දැන් ඔයාට හොඳට නින්ද යනවා අැති එ්ත් දැන්  මං නින්ද එනකන් බලන් ඉන්නවා සැනසීමෙ අැස් පියාගන්න...
මුළු දවසම දැනෙන වේදනාවෙන් මොහාතකටවත් ගැලවෙන්න...







                                             දෝණි
                                         03/11/2018



Tuesday, October 30, 2018

නොමියෙන අාදරය





නොමියෙන අාදරය









ඔබේ;
බොහොමයක් වූ රළු පරළු ගර්ජනා... 
මම, 
තනිව විඳිමි විඳවමි කිසිත් නොකියාම
සියළු දුක් එක් කොට මුදා ලූ සුසුම් පොදක් හැරෙන්නට
නැත එකදු හැඟුමක් වෙෙරයෙන් පිරිී ;ඔබ ගැන
නිදිවරා ගතකෙරෙන රෑ දොළොස් පෑ අැතිය මට
ඉකිබිඳ හඬන්නට,
ඔබ සොයා ගෙන අායෙ එන්නට, 
පෙර වගේ අාදරෙ කරන්නට..
ඔබට නොහැකි වුව මට හැකිය එය...




                                               දෝණි
                                           31/10/2018

ජීවිතේ කියන්නෙම දුකක්ද?

ජීවිතේ කියන්නෙම දුකක්ද? ඔයාට මතකද ඔයා ඉපදුණ දවස? නෑ නේද? එ්ත් දන්නවනෙ ඉපදුන ගමන්ම පොඩි උන් මොකද කරන්නෙ කියලා,අඬනවා...මහ හයියෙන්...