Tuesday, August 6, 2019
2019.07. 31

වෙලාව...? නිනව්වක් නැත. නමුත් සීතල රාත්‍රියකි. ගීතයක් අසමින් සිටි පාළු රාත්‍රියකි.
ඔබ නාඳුනනා විරහ වේදනා
පෙරදා වින්දේ මා පමණයි
හුඟ කලෙකින් හමු වී සෝ ලතැවුල්
අදත් විඳින්නේ මා පමණයි...
*********************************************
මා දුරකතනය දෑතින් තද කරගෙන සිටිමි. හදවත නතර වූවාක් බඳුය. වෙව්ලන දෑතින් නැවතත් මා දුරකතන තීරයේ දිස්වන ඔබේ කෙටි පණිවිඩය දෙස බලමි.වසර තුනකටත් වඩා වැඩි කාලයකින් පසු ඔබේ නමින් මා හට පැමිණි කෙටි පණිවිඩය දෙස බලමි. තවමත් එ් පණිවිඩ උණුසුම් ය.
"පාඩම් කරනවද? කතා කරන්න පුළුවන් ද ටිකක්?"
සියුම් උණුසුමක් මෙන්ම ඔබේ කෙටි පණිවිඩයෙ සැඟව අැති නෝක්කාඩුව පවා අදටත් මා හට දැනෙයි. බොහෝ කාලයකට පසු දුරකතන සංවාදයේ ඉහළ පහළ යන විට මා නෙත ගැටෙන්නේ ඔබේ කුරිරු වදන්ය.
අපගේ වෙන්ව යාම අාරම්භ වූදා පටන් සිදු වූ සියලු දේ මා මතක් කිරීමට පවා අකමැතිය.
"මේ නිහැඬියාව, රාත්‍රි අන්ධකාරය..." ඔබෙන් අනතුරුව මා වඩාත් පෙම් කළේ අන්ධකාර රාත්‍රීන්ටය. දින සති මාස ගණනින් කඳුළු හැලූ එ් රාත්‍රීන් මා වඩ වඩාත් ශක්තිමක් නොකළේ නම් මේ ජීවිතය මට දරා ගැනීමට නොහැකි වනු අැත.
මා මෙලොව දුටු සුන්දරම අාදරය වින්දේ ඔබගෙනි. එසේම මෙලොව මට මුණගැසුණු කුරිරුම හදවතේ හිමිකරුද ඔබය. එකම හදවත එතරම් සුන්දර වූවාක් මෙන්ම රළු වූයේ කෙසේද යන්න මා දන්නේ නැත.
අතීතයේ ශේෂ වූ මතකයන් කොතැන, කෙසේ සැඟවූවද නැවත නැවතත් එ්වා මතකයට නැඟීමට නම් මා වෙෙර කරමි.
දිනෙන් දින ජීවිතය ගෙවී යයි. සියලු දේ කාලයේ වැලි තලාවෙන් වැසී යනු දැනේ. එහෙත් තවදුරටත් මගේ ජීවිතයේ අාදරයට ඉඩක් නැති බව මා දැඩිසේ විශ්වාස කරමි.මා ඔහේ පාවෙමින් සිටී. කලෙක අාදරයෙන් පිරී තිබූ හදවත වියපත්ව ගොසිනි.
අතීතයේ මතක දුකක් වන සෑම දිනකම ඔබ එවා අැති, අාදරයත් වෙෙරයත් එක් වූ කෙටි පණිවිඩ බැලීමට මම පුරුදු වී සිටිමි.ඔබ ගැන රහසින් සොයා බැලුවද, පින්තූර මකා නොදැමුවද කිසිදිනෙක මා එ් අතීතයේ අක්මුල් සෙවීමට නොවෙහෙසුණිමි.මා හට එවන් ශක්තියක් තවම නැති බැවිනි.
ගීතය මට පිළිතුර ලබා දුන්නාක් වැනිය;
අපි අායෙත් හමු නොවුණා නම්
ඉස්සර දවසක මියගිය සෙනෙහස
යළි ඉපදී මා හද හඬවන්නට
අපි අායෙත් හමු නොවුණා නම්...
ඔබ මගේ ජීවිතයේ වසන්තය වුවද ගිම්හානය වුවද කම් නැත. කටුක සිසිරය වුවද කම් නැත.මා එ් සෑම සෘතුවකටම සදාකල් අාදරය කරමි...
එහෙත්,
සමුගන්නට නම් අහිමි අාදරෙන්
අායෙත් අැයි අප හමුවන්නේ
අාදරයේ කඳුළින් මිය යන්නද
ජීවිත ඉරණම විසඳෙන්නේ...
Subscribe to:
Post Comments (Atom)
ජීවිතේ කියන්නෙම දුකක්ද?
ජීවිතේ කියන්නෙම දුකක්ද? ඔයාට මතකද ඔයා ඉපදුණ දවස? නෑ නේද? එ්ත් දන්නවනෙ ඉපදුන ගමන්ම පොඩි උන් මොකද කරන්නෙ කියලා,අඬනවා...මහ හයියෙන්...

-
ජීවිතේ කියන්නෙම දුකක්ද? ඔයාට මතකද ඔයා ඉපදුණ දවස? නෑ නේද? එ්ත් දන්නවනෙ ඉපදුන ගමන්ම පොඩි උන් මොකද කරන්නෙ කියලා,අඬනවා...මහ හයියෙන්...
-
 වෙලාව...? නිනව්වක් නැත. නමුත් සීතල රාත්‍රියකි. ගීතයක් අසමින් සිටි පාළු රාත්‍රියකි. ඔබ නාඳුනනා විරහ වේදනා පෙරදා වින්දේ මා පමණයි හ...
අදමයි මේ පැත්තට ආවේ. බස්සි තමා පාර කිව්වේ.
ReplyDeleteආදරය- විරහව.. ගහයි පොත්තයි වගේ. තාම ආදරය විඳලා නැති නිසා විරහව ගැන ලොකුවට කියන්න දන්නෙත් නෑ.
අහල බලන්නකෝ- සිතින් අදිනවා ආපසු යන්න නොදී - කියල සිංදුවක් තියනවා. සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච එකක්.
ස්තූතියි අඟහරුවා මේ පැත්තට ගොඩ වුණාට.මං එ් සින්දුව අහලා තියෙනවා, ලස්සන තේරුමක් තියෙනවා එ්කට.
Deleteවිරහවක් ලැබෙන්නෙ නැති අාදරයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මං😊
This comment has been removed by the author.
ReplyDeleteවිරහව නොවිඳි හදවතක් මේ ලෝකේ නැති තරම්.කොතරම් කටුක වුවත් ජීවිතයකට ආදරේ දනවන්නේ විරහවම නේද? ආදරයේ සුන්දරත්වය,ජීවිතයේ අවබෝධය,බැඳීම්වල අස්තීරත්වය,ජීවිතයට අවැසි ඉවසීම,දරාගැනීම!කොටින්ම ජීවිතේට ලැබෙන හොඳම පාඩම.!විරහව!ගොඩක් ලස්සනයි ශවේරා.
ReplyDeleteඑ්ක අැත්ත තටූ. ජීවිතේට හොඳම පාඩම් සමහර අය එයාලගේ අාදරෙන් ඉගෙන ගන්නකොට තවත් සමහරු විරහවෙන් ඉගෙන ගන්නවා.එ්කෙන් පරදින්නෙ නැතුව ජීවිතේ ඉස්සරහට යන එකයි අපි කරන්න ඕනෙ. නැත්නම් අපේ අාදරේටත් අසාධාරණයක්, අපේ අසාර්ථක වීම.ස්තූතියි තටූ මේ පැත්තට ගොඩ වුණාට😊
Deleteම්ම්ම්ම්ම්.... තව දිගට ලියන්නෝ..
ReplyDeleteස්තූතියි අරූ❤️
ReplyDeleteලස්සන අළුත් බ්ලොගක්. දිගටම ලියන්න. මමත් අළුත්. හැකිනම් මගේ අඩවියටත් ගොඩ වෙන්න. ඔබේ අදහස් මට ගොඩක් වටිනවා.
ReplyDeleteස්තූතියි.❤️
ReplyDelete//මා මෙලොව දුටු සුන්දරම අාදරය වින්දේ ඔබගෙනි. එසේම මෙලොව මට මුණගැසුණු කුරිරුම හදවතේ හිමිකරුද ඔබය//
ReplyDeleteමං දන්නෙ නෑ මොනව කියන්නද කියලා! ඒත් ඒක ඇත්ත. තිත්තම ඇත්ත...
හ්ම්..එ්ක අැත්ත.
Delete