Tuesday, June 18, 2019

මතක ❤️



හුඟක් ඉස්සර අෑත දවසක

පොද වැටෙන විට අාකහේ


තෙමි තෙමී අපි අැවිද ගිය හැටි

තාම මගෙ මතකේ තියේ...




මුහුදු වෙරළේ අපේ පා අඩි 

රැලි අරන් දුර ගිය ලෙසේ


නුඹ අැවිත් ගිය මඟ ලකුණු හෙම

හදවතේ නොමැකී තියේ... 




ගියපු අත අද අපේ ජීවිත

අපිට අපි නැති වූ ලොවේ


නුඹ ගියපු තැන අදත් එලෙසම

තාම අාදරෙ කවි මැවේ... 






4 comments:

  1. හැමදාම වගේ විරහව අදත් ලස්සනට ගෙත්තම් කරලා තියෙනවා . නියමයි ෂවේරා . :D

    ReplyDelete
  2. ස්තූතියි කළණ ❤️

    ReplyDelete
  3. ආදර කවි මැවෙන එක නම් නවත්තන්න බැහැ. .

    ReplyDelete
    Replies
    1. ඔව්ව්.. එ් අාදරේ වැඩිකමට❤️

      Delete

ජීවිතේ කියන්නෙම දුකක්ද?

ජීවිතේ කියන්නෙම දුකක්ද? ඔයාට මතකද ඔයා ඉපදුණ දවස? නෑ නේද? එ්ත් දන්නවනෙ ඉපදුන ගමන්ම පොඩි උන් මොකද කරන්නෙ කියලා,අඬනවා...මහ හයියෙන්...