Showing posts with label කරවිල කතා. Show all posts
Showing posts with label කරවිල කතා. Show all posts

Thursday, February 7, 2019

අකීකරු පෙම් කතාවක්...




නුඹ මා සමඟ එක්ව සිනාසුන දවස්, දෑස් පියා ගත් ක්ෂණයෙහි පෙළින් පෙළ මගෙ සිත් ගර්භයෙහි මැවෙයි.
 නුඹේ එ් අාදරණීය වූත් නිර්මල වූත් සිනහවට කොහේ හෝ වන ලැහැබක සුගන්ධවත් මල් පූදින්නේ දැයි මා නොදනී, නමුදු මා හදවතේ සියුම් රුහිරු නාලයන් පවා එ් මතකයෙන් අදටත් අවදි වෙයි.නුඹේ විප්පයෝගය අදිසිය, මා කිසිදිනක බලාපොරොත්තු නොවූවකි.එහෙයින් මා අදටත් ගත කරන්නෙ අධි ශීත ඍතුවකි. මගෙ හදවත වියළිය, ඉරි තලා ගොස් කැබලි වී ඇත .සීතලින් ගල් ගැසී කර්කශව ගොස්ය.
නුඹේ එ් උණුසුම  නැවත කෙදිනකවත් මම නොපතමි. මතු මතුත් නොපතමි. මන්ද මේ සා කටුක බවක් නැවත මා හට දරන්නට නොහැකි හෙයිනි.


නමුදු මට වරක් හෝ ;ඔබේ එ් අාදරණීය, මා මත් කරන්නා වූ සිනහව දැක ගැනීමට තෘෂ්ණාවක් අැත්තේය.නුඹෙ හඬෙහි ගැබ්වූ ප්‍රේමයේ උස් පහත් බව විඳින්නට නොනිත් අාශාවක් අැත්තේය.ප්‍රේමයේ නාමයෙන් මා එ් සියල්ල යටපත් කරන්නේ නම් එ් අති මහත් වූ අායාසයකින්ම පමණි.විටෙක සියළු සීමා මායිම්, බැමි ලිහී පිටාර යන්නේය මා මටම නතු නොවන්නේය. එහෙව්  අැසිල්ලකදී පවා මා කෙටි පණිවිඩයක් හෝ පා කරන්නේය, පසුව බලා සිටිමි හෝරාවක්, දෙකක්, දිනක්, මසක් හෝ වසරක්. ප්‍රතිචාරයක් නැති බව මම දනිමි නමුදු බලාපොරොත්තුව කොහේ හෝ සිට තවම මට හුස්ම පොවන්නේය, එහෙයින් මා තවදුරටත් ජීවියෙකි, හුස්ම වැටෙන, හදවත බිඳුණු.මා නුඹගෙ දෙපා මුල වැටී සමාව අයැද සිටිමි, ඉඳහිටක එන කෙටි අැමතුමට/පණිවිඩයට.මා  එහෙව් කරදරකාරී යමක් කරමි, ප්‍රතිචාරයක් ලැබෙන තුරු පණ නල ගැටගසා ගමි.




මා නුඹට කිසිදිනෙක වෙෙර නොකරමි නමුදු නුඹ නිවැරදි යැයි නොපවසමි.නුඹ වචනයේ පරිසමාප්තියෙන්ම වරදකරුවෙකි.මා නුඹෙන් පළි ගැනීමකට හෝ නුඹේ සිනහවේ සේයාවක්වත් අහිමි කිරීමට අකමැතිය. මා එතරම්ම අාදරේ කළෙමි. එහෙයින් දුරින් සිටිමි, නුඹ වෙනුවෙන් හුස්ම ගනිමි, නුඹ වෙනුවෙන් සුරක්ෂිත වෙමි. එ් නුඹේ සිනහවක් හෝ නාම මාත්‍රයකුදු ලබා ගැන්මකට නොව එ් මාගේ ප්‍රතිපත්තියම වන්නේය නුඹ වෙනුවෙන් අාදරේ උපන් දා සිට මා මටම දිවුරා ප්‍රකාශ කොට ගත් පොරොන්දුවයි.



මා මෙලොව කෙදිනක හෝ තනි වුවද නුඹට මා අහිමි වන්නේ නම් එ් මා මියෙන මොහොතේ පටන්ය.එතෙක් මා නුඹට නොපෙනෙන නුඹේ ඡායාව වෙමි.මා නුඹට අාදරේ නොකරමි, අාදරය හුදෙක්ම තෘෂ්ණාවකි.තෘෂ්ණාව පාපයකි, මා තව තවත් වරදෙහි පටලන.මා නුඹව අතැර නුඹ දෙස බලා සිටිමි. එය මට සතුටකි.නුඹ සිනාවෙන විට මගේ අැස් දිලිසෙයි.මට දැන් අවැසි එපමණකි. නුඹ නිසා මා ජීවිතය අත් හරින්නේ නැත, එ් වේදනාව පන්නරයක් කොට මා මගේ සිහින හඹා යන්නෙමි.ඉදින් මට නැති වූ යමක් වේ නම් එ් නුඹේ අාදරයම පමණකි,මට දුකක් අැත්නම් එ් නුඹ මට වෙෙර කරනවා යැයි දැනෙන රුදුරු හැඟීමම පමණකි.නුඹ අහිමි වූවේ මගේ වරදින් යැයි සිතෙන විට නම් පොළොව පලා ගෙන අතුරුදහන් වීමට සිතෙයි. 

නුඹ මට ලියූ කවි සැබැවින්ම දැන් මා හට සතුටකි.මා එ් සතුට බොහෝ විට විඳින්නෙමි.



දැන්;
නුඔ කාගේ හෝ සිනහවකට හේතුවක් වී අැතිය. 
නුඹ කාගේ හෝ සැනසීමකට හේතුවක්ව අැතිය.
ඉදින් මට එ් අැතිය,
නුඹ දෙස බලා මම ද සැනසෙමි.



"සීත හිම මත වතාවක්
නිම වුණා පෙම් කතාවක්
අරුත සඟවා ඔහේ ලියැවුණු
අකීකරු පෙම් කතාවක්"

❤️ ❤️ ❤️ 

ජීවිතේ කියන්නෙම දුකක්ද?

ජීවිතේ කියන්නෙම දුකක්ද? ඔයාට මතකද ඔයා ඉපදුණ දවස? නෑ නේද? එ්ත් දන්නවනෙ ඉපදුන ගමන්ම පොඩි උන් මොකද කරන්නෙ කියලා,අඬනවා...මහ හයියෙන්...