Friday, April 5, 2019

කළුවර 🖤



නුඹ දන්නවත් අැති සමහර විට නොදන්නවත් අැති.මං තාමත් නුඹගෙන් වෙන්වුණ ජීවිත මාවතෙහිම ලත් තැන ලොප් වී අැති බව.මා වෙනස් වීමට කොතෙක් අසීරු ප්‍රයත්නයන් දැරුවද එ් කිසිවකින් පලක් නොවන බව.

මේ වන විට අප මතකය වසාගෙන මකුළු නිවෙස් ඉදිවෙමින් පවතින අතර සෑම දිනක් පාසාම මා එ් නිවෙස් නැවත ගලවා විසි කරයි, විටෙක ශාන්ත වූත් හැඟීමකින් ද තවත් විටෙක වියරුවෙන් ද මා එ් කාර්යය සිදු කරයි.අප මතකය හදවතේ ගැඹුරක මිහිදන් කිරීමට මා හට අවැසි නැත.

මා අවදි වන්නේත් නින්දට යන්නේත් නුඹේ මතකයන් සමඟය.දෑස් පියාගත් වනම කට්ට කළුවර පසුබිමක නුඹ මා සමඟ සිනාසෙනු පෙනෙයි, මා දෑත් පටලන් අැවිද යනු පෙනෙයි, ඉදින් මා හට අවදි වීමට සිත් නොදෙයි.


විටෙක මා හැල්මේ දුවයි, හති අරිමින් දුවයි. නමුත් මට පසුපස බැලීමට අවැසිය, එ් නුඹ එන්නේදැයි විපරම් කිරීමටයි.

සෑමදෙයක්ම කිසිදු වෙනසකින් තොරව ගලා යයි, එහෙත් එ් කිසිදු තැනක ඔබේ සුවඳක් හෝ රැඳී නොමැත.
මට දැඩි සේ පාළු දැනෙයි.
මා හිස්ව ගොසිනි.නමුදු , එය ඔබ හිතනවාටත් වැඩියෙන් හිස්ය.
මා නුඹ අැවිද ගියපු මාවත් දිගේ අැවිදිමි. එ් කුමක් අරඹයා දැයි මා නොදනී, එහෙත් ජීවිත කාලය පුරාම මම එසේ කරන්නෙමි.


මා විරාම තබයි.ඔබ එනතුරු මඟ රැඳෙයි, එහෙත් හැරී නොබලයි.
නමුත් දැන් දැන් ඔබගේ මඟ සලකුණක් හෝ මට දක්නට නොමැතිය. ඔබ නතර වූවාක් මෙනි.කවුරුන් හෝ ඔබට නවාතැන් දී අැත්ද? මා මගෙන්ම විමසයි.

සත්‍ය නම්
මගේ යටි සිත විලාප දෙයි උඩු සිත ශාන්තය. එහෙත් තවත් විටෙක සිතෙහි කැළඹීම හදවත පුරා පැතිර යයි, රිදුම් දෙයි, ඉකිබිඳියි.හදවතද මාද ගිලන් ව අැත.රෝග නිධානයද ප්‍රතිකර්මයද නුඹය.

එහෙත් තවදුරටත් නුඹ මට අයිති නොවන බව විද්‍යුත් ලිහිණියෙක් විත් මා සවන් තැබුවාය. එදින මා කඳුළු නොසැලුවෙමි, එ්වාද ගල් ව ගොසිනි.නමුදු හදවත සැලුණි ,නොදැනුවත්වම ඉකිලුණි.


මා අයිති නුඹට ය. නුඹ කාගේ වුවද මා නුඹේම පමණි.මට නුඹගෙන් හෘදයාංගම වැළඳ ගැන්මක් අවැසිය.එපමණකින් සෑහීමට මා ඉටා ගත්තේය. මන්ද දැන් එ් දෑස් වලට අයිතිකාරයෙක් සිටියි.
මා ඔහුට හිතුවක්කාරියක්ම පමණි. මා ඔබ නවත්වන්නේ නැත. මන්ද අාදරය හඹා යාමෙන්ම මා හට බොහොම වෙහෙසය.


මට නුඹ අවැසිය, නමුදු පතන්නේ නොමැත.
එහෙත්:
නුඹ දන්නවා
මට නුඹව නැතුවම බැරිය...


ජීවිතේ කියන්නෙම දුකක්ද?

ජීවිතේ කියන්නෙම දුකක්ද? ඔයාට මතකද ඔයා ඉපදුණ දවස? නෑ නේද? එ්ත් දන්නවනෙ ඉපදුන ගමන්ම පොඩි උන් මොකද කරන්නෙ කියලා,අඬනවා...මහ හයියෙන්...