Friday, August 30, 2019

ජීවිතේ කියන්නෙම දුකක්ද?



ජීවිතේ කියන්නෙම දුකක්ද?

ඔයාට මතකද ඔයා ඉපදුණ දවස? නෑ නේද? එ්ත් දන්නවනෙ ඉපදුන ගමන්ම පොඩි උන් මොකද කරන්නෙ කියලා,අඬනවා...මහ හයියෙන් අඬනවා. එ් වෙලාවට අැඬුවෙ නැත්නම්??? ඔන්න එතකොට ලෙඩක්. එ් කියන්නෙ එ් වෙලාවෙ එයා අඬන්නම ඕනෙ. 

ඉතිං හැමවෙලාවෙම, අඬනවා කියන්නෙ දුකක් ම වෙන්න බෑ.ජීවිතේ කියන්නෙ කවදාවත් එක සීරුවට පාවෙලා යන හුළඟක් නෙමෙයි.උස් පහත් වීම් මහ ඝෝෂා කුණාටුත් එක්ක  ගලාගෙන යන සීතලම හුළඟක්.

ඉතිං හිනා වෙන්න වගේම අඬන්න තැනුත් තියේවි.එ්කට මොකද? ඕනෙ නම් දවසම හරි අඬන්න.දුක නැති වෙනකන් අඬන්න.ඊට පස්සෙ නැඟිටින්න,හොඳ හුස්මක් අරන් පිට කරන්න.

ජීවිතේ කියන්නෙ අඬන එකවත් මහ හයියෙන් හිනාවෙන එකවත් නෙමෙයි.සැනසීමෙන් හුස්ම ගන්න එක.

 එ් සැනසීම අැතුළෙ තව කෙනෙක්ට රිද්දන විදිහවත් හිත පහුරු ගාන විදිහවත් කෙනෙක් පහු කරලා උඩට යන්න හදන ප්ලෑන්වත් ඊර්ෂ්‍යාවවත් තියෙන්න බැහැ.එහෙම කරල ගන්න සැනසීම හරිම කෘෘරයි. 

තමන්ගෙම ජීවිතේ දිහා බලල, තව කෙනෙක්ගෙ මූණෙ හිනාව දිහා බලලා සැනසෙන මිනිස්සු, එයාලා හරි පුදුමාකාරයි.කිසිම දෙයක් තදින් අල්ලන් නැති, රැඳීම් / අත්හැරීම් වලින් නොසෙල්වෙන මිනිස්සු. එ් ජීවිත අස්සෙ තියෙනවා "නියම සැනසීම" .

අපිට ජීවිත කාලෙ තුළදි නැති වුණ දේවල් අැති, නොලැබුණ දේවල් අැති.එ්ත් දැන් අඬන්නද? කෑ ගහන්නද? දුක් වෙන්නද? හැමදේම නතර කරල එ් දේවල් දිහා බලන් ඉන්නද? එතකොට එ් දේවල් අපි ළඟට එනවද? 

නොලැබුණ දෙයක් මහන්සි වෙලා හොයාගත්තා කියමු, එ්ත් නැති වූණ දේවල්... අායෙත් හම්බෙනවද? නෑ... එහෙනම් දරා ගන්න ඕනෙ. අඩියක් පස්සට නොතියා අැවිදින්න ඕනෙ, දුවන්න ඕනෙ.හීන පස්සෙ කා ගෙන යන්න ඕනෙ. වැටෙයි.. එ්ත් අායෙත් නැඟිටල යන්න ඕනෙ. 
පිටිපස්ස බලද්දි නැති වුණ දේවල් නක්කලේට හිනා වෙයි. එ්ත් දැන් නවතින්න පුළුවන් ද? බැහැ දිගටම යන්න ඕනෙ. 

මොකද,
ජීවිතේ කියන්නෙ පිටිපස්ස හැරිල අඬන්න ඕන දෙයක් නෙමෙයි.

Tuesday, August 6, 2019

2019.07. 31



වෙලාව...? නිනව්වක් නැත. නමුත් සීතල රාත්‍රියකි. ගීතයක් අසමින් සිටි පාළු රාත්‍රියකි.

ඔබ නාඳුනනා විරහ වේදනා
පෙරදා වින්දේ මා පමණයි
හුඟ කලෙකින් හමු වී සෝ ලතැවුල්
අදත් විඳින්නේ මා පමණයි...

*********************************************
මා දුරකතනය දෑතින් තද කරගෙන සිටිමි. හදවත නතර වූවාක් බඳුය. වෙව්ලන දෑතින් නැවතත් මා දුරකතන තීරයේ දිස්වන ඔබේ කෙටි පණිවිඩය දෙස බලමි.වසර තුනකටත් වඩා වැඩි කාලයකින් පසු ඔබේ නමින් මා හට පැමිණි කෙටි පණිවිඩය දෙස බලමි. තවමත් එ් පණිවිඩ උණුසුම් ය.

"පාඩම් කරනවද? කතා කරන්න පුළුවන් ද ටිකක්?"

සියුම් උණුසුමක් මෙන්ම ඔබේ කෙටි පණිවිඩයෙ සැඟව අැති නෝක්කාඩුව පවා අදටත් මා හට දැනෙයි. බොහෝ කාලයකට පසු දුරකතන  සංවාදයේ ඉහළ පහළ යන විට මා නෙත ගැටෙන්නේ ඔබේ කුරිරු වදන්ය.

අපගේ වෙන්ව යාම අාරම්භ වූදා පටන් සිදු වූ සියලු දේ මා මතක් කිරීමට පවා අකමැතිය.
"මේ නිහැඬියාව, රාත්‍රි අන්ධකාරය..." ඔබෙන් අනතුරුව මා වඩාත් පෙම් කළේ අන්ධකාර රාත්‍රීන්ටය. දින සති මාස ගණනින් කඳුළු හැලූ එ් රාත්‍රීන් මා වඩ වඩාත් ශක්තිමක් නොකළේ නම් මේ ජීවිතය මට දරා ගැනීමට නොහැකි වනු අැත.

මා මෙලොව දුටු සුන්දරම අාදරය වින්දේ ඔබගෙනි. එසේම මෙලොව මට මුණගැසුණු කුරිරුම හදවතේ හිමිකරුද ඔබය. එකම හදවත එතරම් සුන්දර වූවාක් මෙන්ම රළු වූයේ කෙසේද යන්න මා දන්නේ නැත.

අතීතයේ ශේෂ වූ  මතකයන් කොතැන, කෙසේ සැඟවූවද නැවත නැවතත් එ්වා මතකයට නැඟීමට නම් මා වෙෙර කරමි.

දිනෙන් දින ජීවිතය ගෙවී යයි. සියලු දේ කාලයේ වැලි තලාවෙන් වැසී යනු දැනේ. එහෙත් තවදුරටත් මගේ ජීවිතයේ අාදරයට ඉඩක් නැති බව මා දැඩිසේ විශ්වාස කරමි.මා ඔහේ පාවෙමින් සිටී. කලෙක අාදරයෙන් පිරී තිබූ හදවත වියපත්ව ගොසිනි.

අතීතයේ මතක දුකක් වන සෑම දිනකම ඔබ එවා අැති, අාදරයත් වෙෙරයත් එක් වූ කෙටි පණිවිඩ බැලීමට මම පුරුදු වී සිටිමි.ඔබ ගැන රහසින් සොයා බැලුවද, පින්තූර මකා නොදැමුවද කිසිදිනෙක මා එ් අතීතයේ අක්මුල් සෙවීමට නොවෙහෙසුණිමි.මා හට එවන් ශක්තියක් තවම නැති බැවිනි.

ගීතය මට පිළිතුර ලබා දුන්නාක් වැනිය;

අපි අායෙත් හමු නොවුණා නම්
ඉස්සර දවසක මියගිය සෙනෙහස
යළි ඉපදී මා හද හඬවන්නට
අපි අායෙත් හමු නොවුණා නම්...


ඔබ මගේ ජීවිතයේ වසන්තය වුවද ගිම්හානය වුවද කම් නැත. කටුක සිසිරය වුවද කම් නැත.මා එ් සෑම සෘතුවකටම සදාකල් අාදරය කරමි...

එහෙත්,

සමුගන්නට නම් අහිමි අාදරෙන්
අායෙත් අැයි අප හමුවන්නේ
අාදරයේ කඳුළින් මිය යන්නද
ජීවිත ඉරණම විසඳෙන්නේ...







ජීවිතේ කියන්නෙම දුකක්ද?

ජීවිතේ කියන්නෙම දුකක්ද? ඔයාට මතකද ඔයා ඉපදුණ දවස? නෑ නේද? එ්ත් දන්නවනෙ ඉපදුන ගමන්ම පොඩි උන් මොකද කරන්නෙ කියලා,අඬනවා...මහ හයියෙන්...