Tuesday, February 19, 2019

කොෆී විත් 💜




ඉතිං කියන්නකො,
ඔයාගෙ අාදරේ මොන වගේද?
-ම්ම්ම් තිත්තම තිත්ත කළු කෝපි එකක් වගේ 🖤


එච්චරටම තිත්තයිද?🙄😄
-ඔව්ව්.. ගොඩක්🙂. 
එ්ත් මං කැමතිම රස එ්ක.😗


ඉතිං....
-තිත්ත දැනෙද්දි අවුල් වගේ තමයි, එ් වුණාට මං එ්කට අැබ්බැහි වෙලා.😌


තාමත්???
-ඔව්... නැතුව😌



-එතකොට ඔයාගෙ අාදරේ?
ම්.. එ්ක උණුම උණු පැණි වළල්ලක් වගේ 🥨.

(ඔයා එ්ක කිව්වෙ අැස් දෙකත් පියාගෙන, පැණි වළල්ල රස කරනවද අාදරේ රස විඳිනවද?)

එ්ත් එ්ක පරණ වෙන්න කලින් එයා ගියා,
එ් නිසා, මං හැමදාම අලුත් විදියට එ් අාදරේ විඳිනවා 💕


-තාමත්???
ඔව්ව්... හැමදාමත්🖤



(අපි කතා කළා,
හිනාවුණා.....
එ්,
අාදරේ රස කතා වලට.
අැත්තටම;
අපිට නැති වෙලා ගිය අපේම  අාදර කතා වලට.)




                           
                    

Tuesday, February 12, 2019

අළුත් ඉරක් ☀



කටුක සිසිරය නිම වෙන්න
අලුත් හිරු රැස් පායන්න
මිදුණු හිම කැටි දියවෙන්න
නැවුම් මල් කෙමි උපදින්න

ජීවිතය නම් මෙයම යැයි
වසත් කල නම් එපමණයි
දුක්බරම කාලය නිමයි
අරුණැල්ල දැන් මා ළඟයි


Friday, February 8, 2019

Untitled


එ් සීතල දුරුත්තෙ මං කවදාවත්ම හිතුවෙ නෑ අායෙත් මට එයාගෙ මූණ දකින්න පුළුවන් වෙයි කියලා, එ්කත් හරියටම අවුරුදු දහයකටත් පස්සෙ, වෙන රටකදි .

මගෙ හිතත් හරියට සුනාමි දවසෙ මුහුද වගේ වෙලා, එකපාරටම කිසිම හැලහොල්මනක් නැතුව යනවා අායෙත් සිතුවිලි උඩට එන්නෙ හැම සීමාවක්ම කඩාගෙන යටකරගෙන.මෙච්චර කැළඹීමක්, අවුරුදු ගානකට පස්සෙ, දරාගන්නත් අමාරුයි වගේ ඉස්සර වගේද දැන් හිතත් වයසයි මාත් වයසයි.

බ්ලැක් ෂර්ට් එකත් දාගෙන වැහි කබායත්
අතට අරන් මං එළියට බැස්සෙම පොද වැස්සෙ.උදේ ඉඳන් හිතේ ගැස්ම අඩු කරගන්න කියලා බීපු අැබ්සින්ත් උගුරු කිහිපය මාව සෑහෙන්න තරමකට කූල් ඩවුන් කරලා වගේ මට දැනුණා. එ්ත් මගෙ හුස්ම ගන්න වේගෙ එන්න එන්නම වැඩි වෙනවා අත දාඩිය වලින් තෙත් වෙලා. හරියටම අවුරුදු දොළහකට කලින් එයාව මීට් වුණ පළවෙනි දවසෙ වගේ. එදා නම් එයාගෙ ලේන්සුවෙන්ම මගෙ අතේ දාඩිය පිහදැම්මෙ එයාමයි, හරිම අාදරෙන්.

සෑහෙන්න කාලෙකින් අලුත් වුණ මතක, මගෙ පපුව හීනියට රිද්දන්න පටන් අරන්. එ්ත් ඕවා නම් මොනවද දැන් අවුරැදු ගානක් රිදුණ හැටියට,මගෙ හිතට එ් අමුතු වේදනාව හොඳට පුරුදුයි.අතේ ඉතුරු වුණ ෆිල්ටර් කොටයත් විසි කරල දාලා ටැක්සියකට නැග්ගෙ මං longchamp1 ළඟට යන්න.

******************************************
මට මතකයි එයාගෙ මතක ගිනි තියන්න මං පටන් ගත්ත විදිහ.
හරියටම එයාගෙ අන්තිම කෝල් එකෙන් සතියකට පස්සෙ හවසක, ගෙදරට වෙලා කල්පනා කරන ගමන් එකපාරටම හිතුණා අැහිබැම ගානට හදාගන්න. එ්ක ටිකක් විහිළුවක් වගේ තමයි. එ්ත් මට ඕන වුණේ කොහොම හරි මට රිද්දගන්න.ජීවිතෙන් තත්පර අරික්කාලකදිවත් හිතේ වේදනාව අමතක කරන්නයි මට ඕන වුණේ.
ඊට කලින් කවදාවත් මං ඕවා කරල නෑ, මට එ් වේදනාව දරාගන්නවත් හිතේ හයියක් නැති නිසා. මං හිතුවෙ එයා මාව බඳින දවසට විතරක් එ්ක හදාගන්න. එ්ත් දැන් එයා නෑනෙ. ඉතිං මං එ් වෙලාවෙම ගිහින්
කොහොම හරි අඬලා දඟලලා එ්කත් හදාගත්තා. ඉතිං මං තාම මාස කිහිපයකට සැරයක් ගිහින් මට රිද්දගන්නවා.මට ඕන වුණෙත් එ්කනෙ, වේදනාව.
ඊටත් දවස් දෙකකට පස්සෙ, මගෙ පළවෙනි සිගැරෙට්ටුව. හැමෝටම හොරෙන් අරගත්තෙ. මුල්ම දුම් උගුර මගෙ පපුවෙ නහර වැල් හාරගෙන යනව මට දැනුණා, ඊට පස්සෙ , ලොකු වේලිච්ච කැස්සක්. ටික දවසක් යද්දි පුරුදු වුණා, දැන් මට නැතුවම බෑ.
එ් විදිහට පිළිවෙලට, ටිකෙන් ටික මත් වෙන්න මං අාස වුණා. ඊට පස්සෙ හේතුවක් නැතත්,මං මත් වුණා..එතකොට එයාගෙ මතක මට අමතක වෙනවා, අැත්තටම ;මතක් වෙන්න කලින්, නින්ද යනවා.

******************************************
ක්රීස්......

මං අායෙත් පියවි සිහියට අාවෙ බ්රෙක් ගහපු පාරට. ජනෙල් වීදුරුවෙ රැඳුණ වැහි බිංදුවක් මගෙ චොක්ලට් රස ලිප් බාම් එක ලාවට දිය කළා.
-mam..we arrived at longchamp

මං හෙමීට ටැක්සියෙන් බැස්සත් මට ඉස්සරහට අඩිය තියන්න බය හිතුණා. මං කොෆී ෂොප් එක පැත්තට අැදුණෙ හීනෙන් වගේ. මං දැක්කා කෙළවරේම තිබුණ ටේබල් එකක එයා ඉන්නවා,ඔළුව බිමට බර කරගෙන. මං ගැඹුරුම හුස්මක් අරන් එයා ළඟට ගියා.
එයා තාමත් එ් විදිහමයි,  චූටියි.රැවුල් කොට මූණ පුරාම, කොණ්ඩෙත් වැවිලා. එ් මං අාසම විදිහ. මට ඉඳගන්න ඕන වුණේ නෑ, මං බලාගෙනම හිටියා එ් අැස් දිහා,එ්වා තාමත් කතා කරනවා, මං එක්ක. මට කිව්වා එ් අැස්;

 'අාදරේ නෑ දෝණි දැන්, හිස්කමක් විතරමයි '

Thursday, February 7, 2019

අකීකරු පෙම් කතාවක්...




නුඹ මා සමඟ එක්ව සිනාසුන දවස්, දෑස් පියා ගත් ක්ෂණයෙහි පෙළින් පෙළ මගෙ සිත් ගර්භයෙහි මැවෙයි.
 නුඹේ එ් අාදරණීය වූත් නිර්මල වූත් සිනහවට කොහේ හෝ වන ලැහැබක සුගන්ධවත් මල් පූදින්නේ දැයි මා නොදනී, නමුදු මා හදවතේ සියුම් රුහිරු නාලයන් පවා එ් මතකයෙන් අදටත් අවදි වෙයි.නුඹේ විප්පයෝගය අදිසිය, මා කිසිදිනක බලාපොරොත්තු නොවූවකි.එහෙයින් මා අදටත් ගත කරන්නෙ අධි ශීත ඍතුවකි. මගෙ හදවත වියළිය, ඉරි තලා ගොස් කැබලි වී ඇත .සීතලින් ගල් ගැසී කර්කශව ගොස්ය.
නුඹේ එ් උණුසුම  නැවත කෙදිනකවත් මම නොපතමි. මතු මතුත් නොපතමි. මන්ද මේ සා කටුක බවක් නැවත මා හට දරන්නට නොහැකි හෙයිනි.


නමුදු මට වරක් හෝ ;ඔබේ එ් අාදරණීය, මා මත් කරන්නා වූ සිනහව දැක ගැනීමට තෘෂ්ණාවක් අැත්තේය.නුඹෙ හඬෙහි ගැබ්වූ ප්‍රේමයේ උස් පහත් බව විඳින්නට නොනිත් අාශාවක් අැත්තේය.ප්‍රේමයේ නාමයෙන් මා එ් සියල්ල යටපත් කරන්නේ නම් එ් අති මහත් වූ අායාසයකින්ම පමණි.විටෙක සියළු සීමා මායිම්, බැමි ලිහී පිටාර යන්නේය මා මටම නතු නොවන්නේය. එහෙව්  අැසිල්ලකදී පවා මා කෙටි පණිවිඩයක් හෝ පා කරන්නේය, පසුව බලා සිටිමි හෝරාවක්, දෙකක්, දිනක්, මසක් හෝ වසරක්. ප්‍රතිචාරයක් නැති බව මම දනිමි නමුදු බලාපොරොත්තුව කොහේ හෝ සිට තවම මට හුස්ම පොවන්නේය, එහෙයින් මා තවදුරටත් ජීවියෙකි, හුස්ම වැටෙන, හදවත බිඳුණු.මා නුඹගෙ දෙපා මුල වැටී සමාව අයැද සිටිමි, ඉඳහිටක එන කෙටි අැමතුමට/පණිවිඩයට.මා  එහෙව් කරදරකාරී යමක් කරමි, ප්‍රතිචාරයක් ලැබෙන තුරු පණ නල ගැටගසා ගමි.




මා නුඹට කිසිදිනෙක වෙෙර නොකරමි නමුදු නුඹ නිවැරදි යැයි නොපවසමි.නුඹ වචනයේ පරිසමාප්තියෙන්ම වරදකරුවෙකි.මා නුඹෙන් පළි ගැනීමකට හෝ නුඹේ සිනහවේ සේයාවක්වත් අහිමි කිරීමට අකමැතිය. මා එතරම්ම අාදරේ කළෙමි. එහෙයින් දුරින් සිටිමි, නුඹ වෙනුවෙන් හුස්ම ගනිමි, නුඹ වෙනුවෙන් සුරක්ෂිත වෙමි. එ් නුඹේ සිනහවක් හෝ නාම මාත්‍රයකුදු ලබා ගැන්මකට නොව එ් මාගේ ප්‍රතිපත්තියම වන්නේය නුඹ වෙනුවෙන් අාදරේ උපන් දා සිට මා මටම දිවුරා ප්‍රකාශ කොට ගත් පොරොන්දුවයි.



මා මෙලොව කෙදිනක හෝ තනි වුවද නුඹට මා අහිමි වන්නේ නම් එ් මා මියෙන මොහොතේ පටන්ය.එතෙක් මා නුඹට නොපෙනෙන නුඹේ ඡායාව වෙමි.මා නුඹට අාදරේ නොකරමි, අාදරය හුදෙක්ම තෘෂ්ණාවකි.තෘෂ්ණාව පාපයකි, මා තව තවත් වරදෙහි පටලන.මා නුඹව අතැර නුඹ දෙස බලා සිටිමි. එය මට සතුටකි.නුඹ සිනාවෙන විට මගේ අැස් දිලිසෙයි.මට දැන් අවැසි එපමණකි. නුඹ නිසා මා ජීවිතය අත් හරින්නේ නැත, එ් වේදනාව පන්නරයක් කොට මා මගේ සිහින හඹා යන්නෙමි.ඉදින් මට නැති වූ යමක් වේ නම් එ් නුඹේ අාදරයම පමණකි,මට දුකක් අැත්නම් එ් නුඹ මට වෙෙර කරනවා යැයි දැනෙන රුදුරු හැඟීමම පමණකි.නුඹ අහිමි වූවේ මගේ වරදින් යැයි සිතෙන විට නම් පොළොව පලා ගෙන අතුරුදහන් වීමට සිතෙයි. 

නුඹ මට ලියූ කවි සැබැවින්ම දැන් මා හට සතුටකි.මා එ් සතුට බොහෝ විට විඳින්නෙමි.



දැන්;
නුඔ කාගේ හෝ සිනහවකට හේතුවක් වී අැතිය. 
නුඹ කාගේ හෝ සැනසීමකට හේතුවක්ව අැතිය.
ඉදින් මට එ් අැතිය,
නුඹ දෙස බලා මම ද සැනසෙමි.



"සීත හිම මත වතාවක්
නිම වුණා පෙම් කතාවක්
අරුත සඟවා ඔහේ ලියැවුණු
අකීකරු පෙම් කතාවක්"

❤️ ❤️ ❤️ 

ජීවිතේ කියන්නෙම දුකක්ද?

ජීවිතේ කියන්නෙම දුකක්ද? ඔයාට මතකද ඔයා ඉපදුණ දවස? නෑ නේද? එ්ත් දන්නවනෙ ඉපදුන ගමන්ම පොඩි උන් මොකද කරන්නෙ කියලා,අඬනවා...මහ හයියෙන්...