Friday, August 30, 2019

ජීවිතේ කියන්නෙම දුකක්ද?



ජීවිතේ කියන්නෙම දුකක්ද?

ඔයාට මතකද ඔයා ඉපදුණ දවස? නෑ නේද? එ්ත් දන්නවනෙ ඉපදුන ගමන්ම පොඩි උන් මොකද කරන්නෙ කියලා,අඬනවා...මහ හයියෙන් අඬනවා. එ් වෙලාවට අැඬුවෙ නැත්නම්??? ඔන්න එතකොට ලෙඩක්. එ් කියන්නෙ එ් වෙලාවෙ එයා අඬන්නම ඕනෙ. 

ඉතිං හැමවෙලාවෙම, අඬනවා කියන්නෙ දුකක් ම වෙන්න බෑ.ජීවිතේ කියන්නෙ කවදාවත් එක සීරුවට පාවෙලා යන හුළඟක් නෙමෙයි.උස් පහත් වීම් මහ ඝෝෂා කුණාටුත් එක්ක  ගලාගෙන යන සීතලම හුළඟක්.

ඉතිං හිනා වෙන්න වගේම අඬන්න තැනුත් තියේවි.එ්කට මොකද? ඕනෙ නම් දවසම හරි අඬන්න.දුක නැති වෙනකන් අඬන්න.ඊට පස්සෙ නැඟිටින්න,හොඳ හුස්මක් අරන් පිට කරන්න.

ජීවිතේ කියන්නෙ අඬන එකවත් මහ හයියෙන් හිනාවෙන එකවත් නෙමෙයි.සැනසීමෙන් හුස්ම ගන්න එක.

 එ් සැනසීම අැතුළෙ තව කෙනෙක්ට රිද්දන විදිහවත් හිත පහුරු ගාන විදිහවත් කෙනෙක් පහු කරලා උඩට යන්න හදන ප්ලෑන්වත් ඊර්ෂ්‍යාවවත් තියෙන්න බැහැ.එහෙම කරල ගන්න සැනසීම හරිම කෘෘරයි. 

තමන්ගෙම ජීවිතේ දිහා බලල, තව කෙනෙක්ගෙ මූණෙ හිනාව දිහා බලලා සැනසෙන මිනිස්සු, එයාලා හරි පුදුමාකාරයි.කිසිම දෙයක් තදින් අල්ලන් නැති, රැඳීම් / අත්හැරීම් වලින් නොසෙල්වෙන මිනිස්සු. එ් ජීවිත අස්සෙ තියෙනවා "නියම සැනසීම" .

අපිට ජීවිත කාලෙ තුළදි නැති වුණ දේවල් අැති, නොලැබුණ දේවල් අැති.එ්ත් දැන් අඬන්නද? කෑ ගහන්නද? දුක් වෙන්නද? හැමදේම නතර කරල එ් දේවල් දිහා බලන් ඉන්නද? එතකොට එ් දේවල් අපි ළඟට එනවද? 

නොලැබුණ දෙයක් මහන්සි වෙලා හොයාගත්තා කියමු, එ්ත් නැති වූණ දේවල්... අායෙත් හම්බෙනවද? නෑ... එහෙනම් දරා ගන්න ඕනෙ. අඩියක් පස්සට නොතියා අැවිදින්න ඕනෙ, දුවන්න ඕනෙ.හීන පස්සෙ කා ගෙන යන්න ඕනෙ. වැටෙයි.. එ්ත් අායෙත් නැඟිටල යන්න ඕනෙ. 
පිටිපස්ස බලද්දි නැති වුණ දේවල් නක්කලේට හිනා වෙයි. එ්ත් දැන් නවතින්න පුළුවන් ද? බැහැ දිගටම යන්න ඕනෙ. 

මොකද,
ජීවිතේ කියන්නෙ පිටිපස්ස හැරිල අඬන්න ඕන දෙයක් නෙමෙයි.

8 comments:

  1. ජිවිතේ කියන්නේ ගීතයක්

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙමත් කියන්න පුළුවන්.උස් පහත් වීම් එක්ක ගලාගෙන යනවා.ස්තූතී මේ පැත්තට ගොඩ වුණාට ❤️

      Delete
  2. ජීවිතේ කියන්නේ අපිම ගේත්තම් කරගත්ත පද පෙළක් ...... එහෙමයි මට හිතෙන්නේ . පද පෙළේ සමහර පද ලස්සනයි සමහර ඒවා දුකයි .

    ReplyDelete
    Replies
    1. ඔව් කළණ... එ්ක අැත්ත❤️

      Delete
  3. ජීවිතේ කියන්නෙ පිටිපස්ස හැරිල අඬන්න ඕන දෙයක් නෙමෙයි......ලස්සනයි ......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... ස්තුතියි මේ පැත්තට ගොඩ වුණාටත්❤️

      Delete
  4. අපි අඩ අඩම ජීවිතෙ ගෙව්වොත් සදාකාලිකවම අපි අනාතයි.. අැයි ඒ අපි අතීතය ගැන පසුතරවෙන තාක්කල් අපට අනාගතය ගොඩනගාගන්න අමාරුයි.. වේදනීය මතක අැතුලෙම ජීවත් වෙන තාක්කල් ජීවිතෙ එක තැන නතර වේවි.. ඒත් කඩාවැටීම් නැති ජීවිතයක් බලාපොරොත්තු වෙන්නත් හොද නැ😊 අත්දැකීම් නැති ජීවිතෙ වැඩක් නැ.. කලු සුදු හැම දේම මික්ස් වෙන්න ඕන එතකොටයි ජීවිතෙ සුන්දර.. කඩාවැටීම් උනත් සතුටින් බාර ගන්න කෙනා අනිවාර්යයෙන්ම දුර ගමනක් යනවා.. ඔබට ජය

    ReplyDelete
    Replies
    1. අැත්තම අැත්ත... ගොඩාාාක් ස්තූතියි ඔබට♥️

      Delete

ජීවිතේ කියන්නෙම දුකක්ද?

ජීවිතේ කියන්නෙම දුකක්ද? ඔයාට මතකද ඔයා ඉපදුණ දවස? නෑ නේද? එ්ත් දන්නවනෙ ඉපදුන ගමන්ම පොඩි උන් මොකද කරන්නෙ කියලා,අඬනවා...මහ හයියෙන්...