Tuesday, June 4, 2019

අත් හැරුණ පසු අත්... 💔



හැම දෙයක්ම හරිම ඉක්මනට වෙනස් වෙනවා කියන්න ඔයා තරම් හොඳට මට කියල දුන්න කෙනෙක් නෑ අාලෝක.අල්පයක් තරම් වුණ ජීවිතේ කල්පෙකට විඳවන්න වුණේ වෙන විකල්පයක් නැති නිසයි කියල ඔයා දන්නවද අාලෝක?

පොත් තමයි අපිව මුණගැස්සුවෙ.ඊටත් පස්සෙ කවි, කතන්දර.එ් හැමදේම අපේ අාදරේට කලින් වෙච්ච දේවල්.මං අදටත් හිතන්නෙ අාදරේ කියන අකුරු තුන අපිට නොපෙනෙන අෑතකින් තිබ්බ නම් අපි අදටත් ගොඩක් සතුටින්.

******************************************
ඔහු ගැන කතා කරන්න මං අදටත් ඉස්සර වගේම අාසයි. එ් වෙන මොනවත් නිසා නෙමෙයි අතීතය හාරඅවුස්සන්න. වළ දාපු මතකය ගොඩ ගන්න.දන්නවද එ්ක අමුතු වේදනාවක්, ජීවිතේ මං විඳින්න කැමති එකම වේදනාවත් එ්ක තමයි.ඔහු ගැන කතා කළත් නැවතත් එ් වෙනුවෙන් කඳුළු බිඳුවක්වත් නොහෙලන්න මං මටම සපථ වුණා.එ් හැඟීම අාත්මයම අළු කරල දාන තරම් රස්නෙ වුණත් මට පුළුවන් අාලෝක දැන් දරාගන්න, ඔව් ගොඩක් දේවල්...

******************************************
විහාර මහා දේවි එක ළඟින් යද්දි, ගෝල් ෆේස් ළඟින් යද්දි මං හොයන්නෙම එ් මූණ. මං එක්ක ගියපු පාරක වෙන කෙනෙක් එක්ක යන එයාව.පාර අයිනෙ විකුණන්න තියන චිත්‍ර අැතුළෙත් මං අතීතය හොයනවා අාලෝක. අත් අල්ලන් එ් පාරවල් දිගේ අැවිදපු හවස් වරු වල මං තනියම හිතෙන් අැවිදිනවා, ඉස්සර හිටිය අපි දිහා බලන් ඉන්නවා.

පාරෙ යන බයික් දිහා බලාගෙන එ් යන්නෙ ඔයාද කියලා හොයන්න, ඔයාව අහම්බෙන් හරි දැක්ක දවසක මං මොනවද කරන්නෙ කියලා හිතන්න...ඔයා දන්නවද අාලෝක මගෙ දවසෙන් බාගයක්ම ඉවර වෙන්නෙ මේ දේවල් වලින් කියලා?

******************************************
කොට්ටෙ මූණ ඔබාගෙන එළිවෙනකන් කඳුළු දිය කරපු මට තවත් අඬන්න ඕනෙ නෑ අාලෝක.ගෙදර කවුරුත් නැති වෙලාවක් බලලා හයියෙන් අඬලා මං මගෙ හිත තනියෙන්ම තනිකමට හුරු කරගත්තා. එ් තමයි අාලෝක මගෙ ජීවිතේ අමාරුම කාලෙ.

මං කවදාවත් වළාකුළක් වගේ සැහැල්ලු ජීවිතයක් ගත නොකරපු බව අැත්ත. එ්ත් ඔයා දන්නව අාලෝක, අනිත් හැමෝටම වැඩියෙන් මාව.පුළුන් ගොඩක් වගේ ඔයාම සැහැල්ලු කරපු මාව මහා වැස්සකට තෙමලා මට දරාගන්න බැරි තරම් ජීවිතේ බර කළේ අැයි අාලෝක?

ගාලු කොටුවෙ ගල් බැම්මකට වෙලා කවුරුත්ම නැති රෑක අැති තරම් හයියෙන් කෑ ගහලා අඬන්න තිබුණා නම්... එ් වෙලාවට ඔයා අැවිත් මාව හයියෙන් බදාගෙන, අඬන්න එපා භානු කියලා අාදරෙන් මගෙ ඔළුව අතගානවා නම්... ඉස්සර වගෙම ඔය උරහිසට බර දීලා මගෙ වේදනාවත් එ් එක්ක දිය කරන්න තිබුණා අාලෝක.අැත්තටම මට අායෙත් ඕනෙ අාදරේ නෙමෙයි අාලෝක,ඔයා ළඟට වෙලා අැති වෙන්න අඬන්න විතරමයි.

******************************************
"කවදාවත් එන්නෙ නැති මනුස්සයෙක් වෙනුවෙන් දුක් වෙන්න එපා භානු"

"භානු ජීවිතේ කියන්නෙ අාදරේ විතරක්ම නෙමෙයි"

" තමන්ව තේරුම් ගන්න බැරි මනුස්සයෙක් ගිය එකමයි හොඳ දෝණි, හිත හදාගන්න"

"හිත හදාගන්න...." හැමෝම කිව්වෙ එච්චරයි.


එ්ත් කොහොමද?😶





5 comments:

  1. කියන තරම් හිත හදා ගැනීම ලේසි නැත . තුවාලයේ වේදනාව දන්නේ තුවාලය ඇති එකා මිස බෙහෙත් දමන දොස්තර නොවේ ය. එව්වා එහෙම ය . ආටියාට ද මෙවන් ම කාලයක් තිබුනේ ය . ආටියා අවසානයේ තේරුම් ගත්තේ හිතේන් විදෙව්වාව අතීතය වර්තමානය වී අපේ ඉදිරියට නොපැමිණෙන බව ව. ඉතින් ආටියා කරේ ප්‍රශ්න අමතක වෙන්නත් එක්ක කියා හොදටම බිසී වීම ය. වේදනාවට අත්දුටු බෙහෙත කාර්යබහුලකමය .

    නැවත බ්ලොග් ලියන එක ට මගේ හිත පුරා නැගෙන සතුට මෙසේ ඔබට දැනුම් දෙමි !

    ReplyDelete
  2. ම්ම්ම්... කාර්යබහුල වෙන එක. එ්ක තමයි හොඳම දේ.
    ගොඩක් ස්තූතියි කළණ ❤️

    ReplyDelete
  3. ලියවිලි රිදවන සුළුයි...

    ReplyDelete
    Replies
    1. රිදිලා ලියන නිසා වෙන්න අැති 🙂

      Delete
  4. කොහොමද අමතක කරන්නෙ, කවුරු කොහොම කිව්වත්.. අපේ අතීත මතකයන්.. අලු යට ගිනි පුපුරු වගේ, දැල්විලා තියෙනකොට... ඒත් බලාපොරොත්තු අතාරින්න එපා. සමහරවිට, කාලයේ ඇවෑමෙන්... ආයෙමත් ඇවිලෙන්න පුලුවනි. තිබුනටත් වඩා හොදට... සත්තයි!

    ReplyDelete

ජීවිතේ කියන්නෙම දුකක්ද?

ජීවිතේ කියන්නෙම දුකක්ද? ඔයාට මතකද ඔයා ඉපදුණ දවස? නෑ නේද? එ්ත් දන්නවනෙ ඉපදුන ගමන්ම පොඩි උන් මොකද කරන්නෙ කියලා,අඬනවා...මහ හයියෙන්...