Monday, June 3, 2019

❄ හිම කිරම ❄



බොර පාට වෙච්ච කනස්සල්ල අතරින් මට පේන්නෙම ඉරි තැලුණු නුඹ
සීනියාස් මලක් වගේ හැඩවෙච්ච අතීතයට කනකොකෙක් හඬලන්න පටන් ගත්තම
කළු ගැහුණ නපුරු වළාකුලක් වගේ
මට ගොරව ගොරවා ගිය හැටි...
එ්ත් මං කියන්නෙ
 මහ වැස්සකට පස්සෙත් එ් අහසෙ රේන්බෝ ෆැන්ටසි මැවෙද්දි
අාදරේ මඩ පාට තැන් හොයලා රතු වෙච්ච හීනෙකින් පාට තවරන්න
මටත් පුළුවන් නෙහ්


ඉතිං අායෙත් අත් පටලගෙන අැවිදින්න එනව නම්;
මේ හිම කිරම
මං ගානෙ

නුඹට
🖤

5 comments:

  1. වාව්, මේක පට්ට !

    ReplyDelete
  2. හිම කිරම... මගෙත් ආසම..

    හිම කිරම
    ගැටෙන විට මගේ නෙත්,
    නුඹ දන්නවා අවැස් බව
    මගේ හිත සේම මුව
    සිසිලසින් පුරවන්න...
    හිම කිරම...
    නුඹට පරදින බව....

    ReplyDelete
    Replies
    1. හිම කිරම...
      නුඹට පරදින බව... 🤭
      එ්ක මරු අරූ..❤️

      Delete
  3. නපුරු වළා, මහ වැසි පසුකර
    නැවත උදාවනවිට සිසිරය
    අවැසිය පාට තවරන්නට
    ආදරයේ...
    ඉරි තැලී ගිය
    නුබේ කොපුල් මත
    උරහිස දෙන්නට
    දැවටෙන්නට
    මගේ බාහු මත
    ඉදින්, බලා සිටිමි
    ලැබෙන තුරු නුඹෙන්
    හිම කිරම...

    ReplyDelete

ජීවිතේ කියන්නෙම දුකක්ද?

ජීවිතේ කියන්නෙම දුකක්ද? ඔයාට මතකද ඔයා ඉපදුණ දවස? නෑ නේද? එ්ත් දන්නවනෙ ඉපදුන ගමන්ම පොඩි උන් මොකද කරන්නෙ කියලා,අඬනවා...මහ හයියෙන්...