"ඔයා මාව සැක කරනවට මං පොඩ්ඩක්වත් කැමති නෑ. එ්ක මට හරිම වදයක්"
විසල් එහෙම කිව්වෙ හරියට මං කැමැත්තෙන් එයාව සැක කරනවා වගේ. දවස් ගාණක් තිස්සෙ හරියට කතාවක් හිනාවක් නැතුව ජීවිතේ ගෙවෙද්දී,එයා මාව මඟ අරිනවා වගේ දැනෙද්දි මට පොඩි සැකයක් අාව එකේ වැරැද්දක් මට පෙනුණෙත් නැහැ.වෙනදට මං එනකන් ඉඳලා එකම කෝච්චියෙ කොළඹට අාවෙ අපි දෙන්නා.හවසටත් එහෙමයි. අාදරේ පුරෝගෙන හිනාවෙන එ් අැස් අැතුළෙ ගිලිලා එද්දි කවදාවත් මට මහන්සියක් දැනුණෙ නෑ. මං හැමදාම ඔෆිස් යන්න ලොකුම හේතුවත් එයා. එ්ත් දැන් මං එන්න කලින් එයාට ඕන යන්න. මං දැනුයි දන්නෙ ඔෆිස් එක කොච්චර දුරද කියලා එ් වගේම මට කවදාවත් එ් දුර දැනුණෙ නෑ කියලා එ් මං එක්ක එයා හිටිය නිසා කියලා.
විසල්ට ඕන වුණෙ ටික කාලෙකට මාව අාශ්‍රය කරන්න,පොඩි වෙනසක් දකින්න. එයා හොඳටම දන්නවා මං කවදාවත් එයාට තනියක් දැනෙන්න ඉඩ තියන්නෙ නෑ කියලා.
මේ වගේ සිතුවිලි සැරින් සැරේට එද්දි මට කරකියා ගන්න දෙයක් නැති වෙනවා. මං ටික වෙලාවක් යනකන් සද්ද නැතුව ඉන්නවා. අැස් වලින් එළියට පනින්න දඟලන කඳුළු නවත්තගන්න වෙන සිතුවිලි එක්ක ඔට්ටු වෙනවා. එ්ත් මං පොඩ්ඩක්වත් තරහ නෑ විසල් එක්ක. එයා එකම එක පාරක් මට අාදරෙන් කතා කළා නම් මගෙ හිත උණු වෙනවා හැමදෙයක්ම අමතක කරලා අායෙත් එයා ළඟටම වෙලා ඉන්නවා. අන්තිමට මං මගෙ හිත හදාගන්න මහන්සි වෙනවා. අැයි මං මෙච්චර මුරණ්ඩු,කවදාවත් මං එයා ගැන වැරදියට හිතන්න හොඳ නෑ කියලා. මට ඕන වුණා මොනවා වුණත් එයාව සතුටින්ම තියන්න.එයාව ගොඩක් වටින නිසා මං කැමැත්තෙන්ම විසල්ට යටත් වුණා හැමදාම.
දිගින් දිගටම මං එක්ක රණ්ඩු අල්ලපු, මාව දාලා යන්න හදපු විසල්ව මං තේරුම් ගන්න උත්සාහ කළා.
අන්තිමට මං තේරුම් ගත්තා එයාට තවදුරටත් මාව ඕනෙ නෑ කියලා. එ්ත් මං තාමත් විසල් දිහා බලාගෙන ඉන්න, එ් අැස් වලින් ජීවිතේ දකින්න අාසයි. අාදරයක වටිනාකමක් දැනෙන්නෙ නැති ජීවිතයකට අාදරේ දීලා මට ලැබුණෙ වේදනාව විතරක් වුණත් මං එ් වේදනාව රස විඳිනවා විසල්ගෙ අාදරේ නාමෙන් ....
Subscribe to:
Post Comments (Atom)
ජීවිතේ කියන්නෙම දුකක්ද?
ජීවිතේ කියන්නෙම දුකක්ද? ඔයාට මතකද ඔයා ඉපදුණ දවස? නෑ නේද? එ්ත් දන්නවනෙ ඉපදුන ගමන්ම පොඩි උන් මොකද කරන්නෙ කියලා,අඬනවා...මහ හයියෙන්...

-
ජීවිතේ කියන්නෙම දුකක්ද? ඔයාට මතකද ඔයා ඉපදුණ දවස? නෑ නේද? එ්ත් දන්නවනෙ ඉපදුන ගමන්ම පොඩි උන් මොකද කරන්නෙ කියලා,අඬනවා...මහ හයියෙන්...
-
 වෙලාව...? නිනව්වක් නැත. නමුත් සීතල රාත්‍රියකි. ගීතයක් අසමින් සිටි පාළු රාත්‍රියකි. ඔබ නාඳුනනා විරහ වේදනා පෙරදා වින්දේ මා පමණයි හ...
I hope you do remember this,
ReplyDeleteකැපකිරීම් වල වටිනාකම් නොදන්නවුන් ට කැපකිරීම් කර පලක් නැත , වංකවුන් හට අවංකවී ද පලක් නැත , ආදරය කරුණාව දයාවේ මිහිරිය නොදන්නාවුන්ට ඒවායේ මිහිරිය කියාදීමද පලක්නැත්තේමය.රත්වූ යකඩ ලෝ සිනිදූ අත්වලින්ද තැලියහැකිමුත් යකඩ , යකඩමය .
Exactly I remember these words...
ReplyDeleteස්තූතියි ඔබට 🙂