Saturday, January 12, 2019

#Black January




දන්නවද සමහර දේවල් තියනවා අපි පිස්සුවෙන් වගේ අාදරේ කරන. එහෙම කරන්නෙ අැයි කියන්න අපි දන්නෙත් නෑ. එ් කියන්නෙ අහේතුක අාදරයක්. එහෙම අය අාදරේ කරන්නෙ මුළු අාත්මයටම, හැම හුස්මකම රැඳිලා තියෙනවා එ් අාදරේ.
හිත අස්සටම කිඳා බැහැලා මුල් අැද්දට පස්සෙ  අාදරයක් එතනින් ගලවගන්න හරිම අමාරුයි. අපිටත් එ් අාදරේ එ් විදිහටම ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් අාදරේ කරන්න හොඳ නැහැ. මොකද හැමෝම එකවගේ නෙමෙයිනෙ.හැමකෙනෙක්ටම තියනවා පුළුවන් සීමාවක්.අපි එ්ක තේරුම් ගන්න ඕනෙ අාදරෙ කරද්දී..නැත්නම් හැමදාම හිත් රිදවීම් එක්ක ජීවිතේ ගෙවන්නයි වෙන්නෙ.සර්ව සම්පූර්ණ මිනිස්සු නැහැ. හැමෝටම තියෙනවා තමන්ටම අනන්‍ය වුණු දුර්වලකම්  අඩුපාඩු.අාදරේ ගලපගන්න ඕනෙ, නැත්නම් එ්ක පැටලුණ නූල් බෝලයක් වගේ වෙනවා. අනිත් කෙනාගෙ අාසාවන්ට ගරු කරන්න ඕනෙ. තමන්ගෙ සතුට ගැන විතරක් හිතලා අනිත් කෙනාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න හදනවා නම් එතන කෙහෙන්ද අාදරයක්...

*****************************************

එයා මගෙ අතින් අල්ලන් ඉස්සෙල්ලම මට පොරොන්දු වුණේ මොන ප්‍රශ්නෙ අාවත් කවදාවත් මාව අත අරින්නෙ නෑ කියලා. ඔව් එයා එහෙම කළා, එයාගෙ හිතේ තිබ්බ තනිකම මැකිල යනකන් විතරක්. ඊට පස්සෙ එයා ගියේ අාදරේක සේයාවක්වත් මතක නැති ගානට.අැත්තටම අාදරේ කළා නම් හේතු හොයන්නෙ දාලා යන්න නෙමෙයි තත්පරයක් හරි ළඟින් ඉන්න.එයා හැමවෙලාවකම මං එක්ක රණ්ඩු කළා, මාව එපා කිව්වා. මොකද එයා දැනගෙන හිටියා මං කවදාවත් එයාව දාලා යන්නෙ නෑ කියලා.එ්ත් දවසක් එනවා මේ හැමදේම තවදුරටත් දරා ගන්න බැරි වෙන. මං හිත හදාගත්තා වෙෙරයක් නැතුව එ් අාදරේට තිත තියන්න.ඉතිං අපේ මතකය අැති මට හිත යට තියාගෙන සැරින් සැරේට විඳගන්න වගේම විඳවන්නත්.
       
                         

6 comments:

  1. බොහෝ පෙම්වතුන් හදවතේ ආදරය සිරකරන් මියයති.. සමහරක්, ඒ ආදරය අමරණීය කරති.. ඒ සමහරක් යන කොටසට ඔබ දිනෙක අයිති වනු ඇති.. ඒ සඳහා, සිතේ සියල්ල කවියක් හෝ කතාන්දරය කරන්න.. කතන්දරයට ඔය සියලු හැඟීම් යොදන්න.. නිකම් ලියවිල්ලක් විතරක් ලියා ඔබේ දක්ෂතාව අපතේ නොහරින්න...

    ReplyDelete
    Replies
    1. විඳීම්,විඳවීම් හැමදේම කතන්දරයකට ගන්න මං තවම උත්සහ කරනවා අරූ.එයාගෙන්ම ඉගෙන ගත්ත මේ දේවල් මට උදව් කරනවා හිත හදාගන්න, ටිකෙන් ටික.ස්තූතියි අරූ උපදෙසට🤗

      Delete
    2. ඔබ මගේ බ්ලොගය පීරා සිතුවිලි ලියමන්, කතා කියවන්න... ඒවා උදව් වේවී ලියන්න ඔයාටත්. අමාගේ හීන සාප්පුවට ගොඩ වෙන්න.. ඒවාගේ ලස්සන කතා තියෙනවා... මං බලන් ඉන්නවා ලස්සන ලියමන් ඔබගෙන් ඉක්මනට...

      Delete
    3. අරූගෙ කතා, කවි මං කොහොමත් කියවනවා.එ්වා රසවත් වගේම අර්ථවත්."අමාගේ හීන සාප්පුව" විශිෂ්ඨයි, මේ දවස් වල අමාගෙ හීන පීරනවා ඉඩක් ලැබෙන හැමවෙලාවකම❤️

      Delete
  2. ෂවේරා ට වගේ කථාවක් මටත් තියෙනවා , ඔය විදියෙම , අපේ නෙතු අගින් වැටෙන උණු කදුළු වල උණුහුම යන්නත් ඉස්සර එයා වෙන කෙනෙක් පැත්තට හැරෙනවා නම් ඉතිං මට මමවත් නැති කරේ එයා කියල තමයි කියන එක හිතට එන්නේ .


    ****************************************


    "ආටියා සියල්ල ගලපන්නට නොයන්නෙක් ය. කාලයක් සියල්ල ගලපන්නට ගෝස් හොදට ඇනගෙන තිබෙන නිසා ගලපන්නට යාමේ ආතල් එක ආටියා හොදින් දන්නේ ය ."
    උපුටා ගැනීම - Love , සෙක්ස් , නෑයන් ගේ සැකය , සිංහල අච්චාරු සමගින් බ්ලොග් කරුවෝ https://magelokaya01.blogspot.com/2018/08/love.html )

    ReplyDelete
    Replies
    1. එයා වෙන කෙනෙක් පැත්තට ඉක්මනටම හැරෙනවට නම් මං කැමතියි.එ්ක තමයි එයාගෙ සැනසීම.එතකොට මගෙත් ❤️...

      ~වේදනා වැඩි ජීවිත වලට, එ්වා දරා ගන්න හයියක් තියනවා නම් කරන්න බැරි දෙයක් නෑ.~

      Delete

ජීවිතේ කියන්නෙම දුකක්ද?

ජීවිතේ කියන්නෙම දුකක්ද? ඔයාට මතකද ඔයා ඉපදුණ දවස? නෑ නේද? එ්ත් දන්නවනෙ ඉපදුන ගමන්ම පොඩි උන් මොකද කරන්නෙ කියලා,අඬනවා...මහ හයියෙන්...