Friday, November 2, 2018
Counting Days
Counting Days
බෝඩිමේ හැමෝම හොඳටම නිදි. හ්ම් සද්දයක් නෑ. මං අැඳට අාපු වෙලාවෙ ඉඳන් නිදිමත එනකන් එ් පැත්තට මේ පැත්තට පෙරළි පෙරළී පැය කීයක් නම් හිටියද කියලා මට මතක නෑ. සිවිලිමේ එල්ලිලා හෙමින් හෙමින් කැරකෙන ෆෑන් එක දිහා බලාගෙන මං හිතින් ගොඩක් දුරකට ගියා.
*** *** *** *** *** *** ***
ඉස්සර මට හොඳට නින්ද යනවා.එ්ත් ඔයාට නින්ද යන්නෙ නෑ. එ්ක ඔයාට කරදරයක් වෙලා තිබුණෙ. ඔයාට හොඳට නින්ද ගිය දවසට ඔයා ඉන්නෙ සතුටින්..
ගොඩක් දවස් වලට ඔයත් එක්ක චැට් කරද්දි කෝල් කරද්දි දන්නෙම නැතුව මට නින්ද ගිහින්, අායෙ පහුවදා උදේම අැහැරලා බලනකොට ඔයා තරහ වෙලා..ඔයා තරහා වුණහම යාළු කරගන්න සෑහෙන්න අමාරුයි.අන්තිමට ටිකක් රණ්ඩු වෙලා මං හොඳටම බැනුම් එහෙම අහලා ඉවර වෙලා අායෙත් අපි යාළු වෙනවා. ගොඩක් දවසට හිටියටත් වැඩිය අාදරෙන් ඉන්නවා.එ් අපි දෙන්නගෙ හැටි. තරහ වෙනවා යාළු වෙනවා
ඉක්මනට නින්ද යන එක මට තිබුණ ලොකුම නරක පුරුද්ද. ලෙක්චර්ස් වලදිත් කිසි ගානක් නැතුව නිදාගන්නවා. එ්ක හදාගන්නත් මට ගොඩක් අමාරුයි. කොහොම වුණත් මං දන්නවා වෙලාවකට මං වැරදියි කියලා ඉතින් ඔයා බනිද්දි මට පුළුවන් අහගෙන ඉන්න, පොඩ්ඩක්වත් තරහ වෙන්නෙ නැතුව.
ඔයා මගෙන් දැක්ක, මට කියලා දුන්න අඩුපාඩු ගොඩක් මං හදාගත්තා.
එ්ත් අන්තිමට පොඩිම පොඩි දේකට මට හිතන්නවත් වෙලාවක් නොදී ඔයා ගියා ... දුරකට.
මට ඉන්න කියලා,
අායෙත් එන්නම් කියලා..
එහෙම වෙන්න හේතුව මං තාමත් හොයනවා.එ් වගේම මං බලන් ඉන්නවා.මගෙන් අරගෙන ගිය සැනසීමත් අරන් ඔයා එනකන්.
දැන් ඔයාට හොඳට නින්ද යනවා අැති එ්ත් දැන් මං නින්ද එනකන් බලන් ඉන්නවා සැනසීමෙ අැස් පියාගන්න...
මුළු දවසම දැනෙන වේදනාවෙන් මොහාතකටවත් ගැලවෙන්න...
දෝණි
03/11/2018
Subscribe to:
Post Comments (Atom)
ජීවිතේ කියන්නෙම දුකක්ද?
ජීවිතේ කියන්නෙම දුකක්ද? ඔයාට මතකද ඔයා ඉපදුණ දවස? නෑ නේද? එ්ත් දන්නවනෙ ඉපදුන ගමන්ම පොඩි උන් මොකද කරන්නෙ කියලා,අඬනවා...මහ හයියෙන්...

-
ජීවිතේ කියන්නෙම දුකක්ද? ඔයාට මතකද ඔයා ඉපදුණ දවස? නෑ නේද? එ්ත් දන්නවනෙ ඉපදුන ගමන්ම පොඩි උන් මොකද කරන්නෙ කියලා,අඬනවා...මහ හයියෙන්...
-
 වෙලාව...? නිනව්වක් නැත. නමුත් සීතල රාත්රියකි. ගීතයක් අසමින් සිටි පාළු රාත්රියකි. ඔබ නාඳුනනා විරහ වේදනා පෙරදා වින්දේ මා පමණයි හ...
සමහර වේදනාවන් රසයි කියල දැනෙන්නේ ගොඩක් කල් ගියාම . වැඩේ කියන්නේ ඒ වෙලාවට දුක දුකමයි නේ ...
ReplyDeleteලස්සන තාත්වික ගෙත්තමක් .
ගොඩක් කල් ගිහින් හරි එ් වේදනාව රස වෙන්න නම් එ්කට හේතු වුණ දුක නැති වෙන්න ඕන. නැත්නම් මැරි මැරී ජීවත් වෙනවා හිත හදාගන්නවත් හයියක් නැත්නම්.🙂
ReplyDeleteස්තූතියි අදහස් දැක්වීමට..😊
ඔව් ඒ කතාව හරි තමයි . 😊
Deleteලස්සනයි. අනේ ඒත් තව මේක දිගට ලිව්ව නම් හොඳයි..
ReplyDeleteස්තූතියි අරූ... ලියාගෙන යද්දි ඉවර කරන්න බැරි තරම් ගොඩක් මතක් වුණ නිසා මං එ්ක ඉක්මනට ඉවර කළා.😁
ReplyDeleteලස්සනයි, දුක හිතුනා...
ReplyDeleteස්තූතියි මලී... හ්ම් දුකයි තමයි 😞
ReplyDelete