Tuesday, February 19, 2019

කොෆී විත් 💜




ඉතිං කියන්නකො,
ඔයාගෙ අාදරේ මොන වගේද?
-ම්ම්ම් තිත්තම තිත්ත කළු කෝපි එකක් වගේ 🖤


එච්චරටම තිත්තයිද?🙄😄
-ඔව්ව්.. ගොඩක්🙂. 
එ්ත් මං කැමතිම රස එ්ක.😗


ඉතිං....
-තිත්ත දැනෙද්දි අවුල් වගේ තමයි, එ් වුණාට මං එ්කට අැබ්බැහි වෙලා.😌


තාමත්???
-ඔව්... නැතුව😌



-එතකොට ඔයාගෙ අාදරේ?
ම්.. එ්ක උණුම උණු පැණි වළල්ලක් වගේ 🥨.

(ඔයා එ්ක කිව්වෙ අැස් දෙකත් පියාගෙන, පැණි වළල්ල රස කරනවද අාදරේ රස විඳිනවද?)

එ්ත් එ්ක පරණ වෙන්න කලින් එයා ගියා,
එ් නිසා, මං හැමදාම අලුත් විදියට එ් අාදරේ විඳිනවා 💕


-තාමත්???
ඔව්ව්... හැමදාමත්🖤



(අපි කතා කළා,
හිනාවුණා.....
එ්,
අාදරේ රස කතා වලට.
අැත්තටම;
අපිට නැති වෙලා ගිය අපේම  අාදර කතා වලට.)




                           
                    

8 comments:

  1. ඔයා ආදරේ ලස්සනට දකිනවා , ඉතින් ෂවෙරා ඔයාට ආදරයෙන් වරදින්න නම් කොහොමත්ම විදියක් නෑ .

    ****************************************************************

    මාත් ආසයි මගෙනුත් මෙහෙම අහනවාට , ඉතින් කවුරුවත් නොහාන එකේ මම මගෙන් අහුවා කියල හිතාගෙන උත්තර ලිව්වාට කමක් නෑ නේද ?

    ඉතිං කියන්නකො,
    ඔයාගෙ අාදරේ මොන වගේද?

    මගේ ආදරේ හරියට පාලූ රේල්පාරක අතහැරලා දාපු රේල් කොච්චිපෙට්ටියක් වගේ


    එච්චරටම තිත්තයිද?🙄😄
    මම කැමති ඒ තනිකමට .


    ඉතිං....
    -ඒ ආතල් එක ඇතුලේ ජීවත් වෙන්න. පොඩි උන් හැඟීමුත්තම් කරන , නැත්තම් ආදරේ කරන උන් මොහොතකට තනිවෙන්න , අහිංසකයෙක් නිදහසේ බීඩියක් උරන්න ඔයවගේ දේවල් . තව මම කැමති , මාදිහා බලන් යන කොච්චිපෙට්ටි වලට තනියෙන් හිනාවෙන්න . එක සමහර වෙලාවට මහා කාලකන්නි හැගීමක් වෙන්නත් ඇති . එත් ඒආතල් එක ඇතුලේ ජීවත් වෙන්න පුළුවන් ඔලුව කෙලින් තියාගෙන.


    තාමත්???
    හැමදාමත් .

    ReplyDelete
  2. පාළු රේල් පාරක අතෑරලා දාපු රේල් කෝච්චි පෙට්ටියක් > එ්ක මතුපිටින් හයියට පෙනුණට කාලයක් තිස්සෙ අව්වට වැස්සට අහු වෙලාම අැතුළින් දිරලා ගිහින්.අනිත් කෝච්චි පෙට්ටි හයියෙන් හූ කියාගෙන නක්කලේට වගේ හිනාවෙලා යද්දි එ් දිහා උපේක්ෂාවෙන් බලන්න තරම් පුරුදු වෙලා.එ්ක මහා කාලකණ්ණි හැඟීමක් වුණත් මේ තනිකම විඳින, එක බැඳීම් එක්ක විඳවනවට වැඩිය සැනසීමක්! මට නම්...
    ස්තූතියි කළණ හැමදාම දිරිමත් කරනවට❤️

    ReplyDelete
    Replies
    1. ෂා ..... ඔයා මම හිතපු දේ හරියටම කිව්වා . ඇත්තටම මට පුදුමයි ෂවේරා !

      මම හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා ❤️

      Delete
    2. //ඔයා මම හිතපු දේ හරියටම කිව්වා//අැත්තටම??එහෙම වුණා නම් මට ගොඩාක් සතුටුයි ...

      ❤️❤️❤️

      Delete
    3. ලස්සනයි.. දෙන්නගෙම ලියැවිලි... පෙම් හසුන් වගේ.. 😉😉😉

      Delete
    4. Hee...😁😬
      ස්තූතියි අරූ

      Delete
    5. ඔය ඇත්තමද කියන්නේ?
      he he he .. ස්තූතියි අරූ 😁

      Delete
  3. ඔය ඇත්තමද කියන්නේ?
    he he he .. ස්තූතියි අරූ 😁

    ReplyDelete

ජීවිතේ කියන්නෙම දුකක්ද?

ජීවිතේ කියන්නෙම දුකක්ද? ඔයාට මතකද ඔයා ඉපදුණ දවස? නෑ නේද? එ්ත් දන්නවනෙ ඉපදුන ගමන්ම පොඩි උන් මොකද කරන්නෙ කියලා,අඬනවා...මහ හයියෙන්...