Friday, February 8, 2019

Untitled


එ් සීතල දුරුත්තෙ මං කවදාවත්ම හිතුවෙ නෑ අායෙත් මට එයාගෙ මූණ දකින්න පුළුවන් වෙයි කියලා, එ්කත් හරියටම අවුරුදු දහයකටත් පස්සෙ, වෙන රටකදි .

මගෙ හිතත් හරියට සුනාමි දවසෙ මුහුද වගේ වෙලා, එකපාරටම කිසිම හැලහොල්මනක් නැතුව යනවා අායෙත් සිතුවිලි උඩට එන්නෙ හැම සීමාවක්ම කඩාගෙන යටකරගෙන.මෙච්චර කැළඹීමක්, අවුරුදු ගානකට පස්සෙ, දරාගන්නත් අමාරුයි වගේ ඉස්සර වගේද දැන් හිතත් වයසයි මාත් වයසයි.

බ්ලැක් ෂර්ට් එකත් දාගෙන වැහි කබායත්
අතට අරන් මං එළියට බැස්සෙම පොද වැස්සෙ.උදේ ඉඳන් හිතේ ගැස්ම අඩු කරගන්න කියලා බීපු අැබ්සින්ත් උගුරු කිහිපය මාව සෑහෙන්න තරමකට කූල් ඩවුන් කරලා වගේ මට දැනුණා. එ්ත් මගෙ හුස්ම ගන්න වේගෙ එන්න එන්නම වැඩි වෙනවා අත දාඩිය වලින් තෙත් වෙලා. හරියටම අවුරුදු දොළහකට කලින් එයාව මීට් වුණ පළවෙනි දවසෙ වගේ. එදා නම් එයාගෙ ලේන්සුවෙන්ම මගෙ අතේ දාඩිය පිහදැම්මෙ එයාමයි, හරිම අාදරෙන්.

සෑහෙන්න කාලෙකින් අලුත් වුණ මතක, මගෙ පපුව හීනියට රිද්දන්න පටන් අරන්. එ්ත් ඕවා නම් මොනවද දැන් අවුරැදු ගානක් රිදුණ හැටියට,මගෙ හිතට එ් අමුතු වේදනාව හොඳට පුරුදුයි.අතේ ඉතුරු වුණ ෆිල්ටර් කොටයත් විසි කරල දාලා ටැක්සියකට නැග්ගෙ මං longchamp1 ළඟට යන්න.

******************************************
මට මතකයි එයාගෙ මතක ගිනි තියන්න මං පටන් ගත්ත විදිහ.
හරියටම එයාගෙ අන්තිම කෝල් එකෙන් සතියකට පස්සෙ හවසක, ගෙදරට වෙලා කල්පනා කරන ගමන් එකපාරටම හිතුණා අැහිබැම ගානට හදාගන්න. එ්ක ටිකක් විහිළුවක් වගේ තමයි. එ්ත් මට ඕන වුණේ කොහොම හරි මට රිද්දගන්න.ජීවිතෙන් තත්පර අරික්කාලකදිවත් හිතේ වේදනාව අමතක කරන්නයි මට ඕන වුණේ.
ඊට කලින් කවදාවත් මං ඕවා කරල නෑ, මට එ් වේදනාව දරාගන්නවත් හිතේ හයියක් නැති නිසා. මං හිතුවෙ එයා මාව බඳින දවසට විතරක් එ්ක හදාගන්න. එ්ත් දැන් එයා නෑනෙ. ඉතිං මං එ් වෙලාවෙම ගිහින්
කොහොම හරි අඬලා දඟලලා එ්කත් හදාගත්තා. ඉතිං මං තාම මාස කිහිපයකට සැරයක් ගිහින් මට රිද්දගන්නවා.මට ඕන වුණෙත් එ්කනෙ, වේදනාව.
ඊටත් දවස් දෙකකට පස්සෙ, මගෙ පළවෙනි සිගැරෙට්ටුව. හැමෝටම හොරෙන් අරගත්තෙ. මුල්ම දුම් උගුර මගෙ පපුවෙ නහර වැල් හාරගෙන යනව මට දැනුණා, ඊට පස්සෙ , ලොකු වේලිච්ච කැස්සක්. ටික දවසක් යද්දි පුරුදු වුණා, දැන් මට නැතුවම බෑ.
එ් විදිහට පිළිවෙලට, ටිකෙන් ටික මත් වෙන්න මං අාස වුණා. ඊට පස්සෙ හේතුවක් නැතත්,මං මත් වුණා..එතකොට එයාගෙ මතක මට අමතක වෙනවා, අැත්තටම ;මතක් වෙන්න කලින්, නින්ද යනවා.

******************************************
ක්රීස්......

මං අායෙත් පියවි සිහියට අාවෙ බ්රෙක් ගහපු පාරට. ජනෙල් වීදුරුවෙ රැඳුණ වැහි බිංදුවක් මගෙ චොක්ලට් රස ලිප් බාම් එක ලාවට දිය කළා.
-mam..we arrived at longchamp

මං හෙමීට ටැක්සියෙන් බැස්සත් මට ඉස්සරහට අඩිය තියන්න බය හිතුණා. මං කොෆී ෂොප් එක පැත්තට අැදුණෙ හීනෙන් වගේ. මං දැක්කා කෙළවරේම තිබුණ ටේබල් එකක එයා ඉන්නවා,ඔළුව බිමට බර කරගෙන. මං ගැඹුරුම හුස්මක් අරන් එයා ළඟට ගියා.
එයා තාමත් එ් විදිහමයි,  චූටියි.රැවුල් කොට මූණ පුරාම, කොණ්ඩෙත් වැවිලා. එ් මං අාසම විදිහ. මට ඉඳගන්න ඕන වුණේ නෑ, මං බලාගෙනම හිටියා එ් අැස් දිහා,එ්වා තාමත් කතා කරනවා, මං එක්ක. මට කිව්වා එ් අැස්;

 'අාදරේ නෑ දෝණි දැන්, හිස්කමක් විතරමයි '

2 comments:

  1. ගොඩක් වේදනාකාරී හැගීමක් . කියන්න ලියන්න වචන නෑ අවංකවම .

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඔව් කළණ
      ස්තූති මේ පැත්තට ගොඩ වුණාට😊

      Delete

ජීවිතේ කියන්නෙම දුකක්ද?

ජීවිතේ කියන්නෙම දුකක්ද? ඔයාට මතකද ඔයා ඉපදුණ දවස? නෑ නේද? එ්ත් දන්නවනෙ ඉපදුන ගමන්ම පොඩි උන් මොකද කරන්නෙ කියලා,අඬනවා...මහ හයියෙන්...