Tuesday, June 18, 2019

මතක ❤️



හුඟක් ඉස්සර අෑත දවසක

පොද වැටෙන විට අාකහේ


තෙමි තෙමී අපි අැවිද ගිය හැටි

තාම මගෙ මතකේ තියේ...




මුහුදු වෙරළේ අපේ පා අඩි 

රැලි අරන් දුර ගිය ලෙසේ


නුඹ අැවිත් ගිය මඟ ලකුණු හෙම

හදවතේ නොමැකී තියේ... 




ගියපු අත අද අපේ ජීවිත

අපිට අපි නැති වූ ලොවේ


නුඹ ගියපු තැන අදත් එලෙසම

තාම අාදරෙ කවි මැවේ... 






Tuesday, June 4, 2019

අත් හැරුණ පසු අත්... 💔



හැම දෙයක්ම හරිම ඉක්මනට වෙනස් වෙනවා කියන්න ඔයා තරම් හොඳට මට කියල දුන්න කෙනෙක් නෑ අාලෝක.අල්පයක් තරම් වුණ ජීවිතේ කල්පෙකට විඳවන්න වුණේ වෙන විකල්පයක් නැති නිසයි කියල ඔයා දන්නවද අාලෝක?

පොත් තමයි අපිව මුණගැස්සුවෙ.ඊටත් පස්සෙ කවි, කතන්දර.එ් හැමදේම අපේ අාදරේට කලින් වෙච්ච දේවල්.මං අදටත් හිතන්නෙ අාදරේ කියන අකුරු තුන අපිට නොපෙනෙන අෑතකින් තිබ්බ නම් අපි අදටත් ගොඩක් සතුටින්.

******************************************
ඔහු ගැන කතා කරන්න මං අදටත් ඉස්සර වගේම අාසයි. එ් වෙන මොනවත් නිසා නෙමෙයි අතීතය හාරඅවුස්සන්න. වළ දාපු මතකය ගොඩ ගන්න.දන්නවද එ්ක අමුතු වේදනාවක්, ජීවිතේ මං විඳින්න කැමති එකම වේදනාවත් එ්ක තමයි.ඔහු ගැන කතා කළත් නැවතත් එ් වෙනුවෙන් කඳුළු බිඳුවක්වත් නොහෙලන්න මං මටම සපථ වුණා.එ් හැඟීම අාත්මයම අළු කරල දාන තරම් රස්නෙ වුණත් මට පුළුවන් අාලෝක දැන් දරාගන්න, ඔව් ගොඩක් දේවල්...

******************************************
විහාර මහා දේවි එක ළඟින් යද්දි, ගෝල් ෆේස් ළඟින් යද්දි මං හොයන්නෙම එ් මූණ. මං එක්ක ගියපු පාරක වෙන කෙනෙක් එක්ක යන එයාව.පාර අයිනෙ විකුණන්න තියන චිත්‍ර අැතුළෙත් මං අතීතය හොයනවා අාලෝක. අත් අල්ලන් එ් පාරවල් දිගේ අැවිදපු හවස් වරු වල මං තනියම හිතෙන් අැවිදිනවා, ඉස්සර හිටිය අපි දිහා බලන් ඉන්නවා.

පාරෙ යන බයික් දිහා බලාගෙන එ් යන්නෙ ඔයාද කියලා හොයන්න, ඔයාව අහම්බෙන් හරි දැක්ක දවසක මං මොනවද කරන්නෙ කියලා හිතන්න...ඔයා දන්නවද අාලෝක මගෙ දවසෙන් බාගයක්ම ඉවර වෙන්නෙ මේ දේවල් වලින් කියලා?

******************************************
කොට්ටෙ මූණ ඔබාගෙන එළිවෙනකන් කඳුළු දිය කරපු මට තවත් අඬන්න ඕනෙ නෑ අාලෝක.ගෙදර කවුරුත් නැති වෙලාවක් බලලා හයියෙන් අඬලා මං මගෙ හිත තනියෙන්ම තනිකමට හුරු කරගත්තා. එ් තමයි අාලෝක මගෙ ජීවිතේ අමාරුම කාලෙ.

මං කවදාවත් වළාකුළක් වගේ සැහැල්ලු ජීවිතයක් ගත නොකරපු බව අැත්ත. එ්ත් ඔයා දන්නව අාලෝක, අනිත් හැමෝටම වැඩියෙන් මාව.පුළුන් ගොඩක් වගේ ඔයාම සැහැල්ලු කරපු මාව මහා වැස්සකට තෙමලා මට දරාගන්න බැරි තරම් ජීවිතේ බර කළේ අැයි අාලෝක?

ගාලු කොටුවෙ ගල් බැම්මකට වෙලා කවුරුත්ම නැති රෑක අැති තරම් හයියෙන් කෑ ගහලා අඬන්න තිබුණා නම්... එ් වෙලාවට ඔයා අැවිත් මාව හයියෙන් බදාගෙන, අඬන්න එපා භානු කියලා අාදරෙන් මගෙ ඔළුව අතගානවා නම්... ඉස්සර වගෙම ඔය උරහිසට බර දීලා මගෙ වේදනාවත් එ් එක්ක දිය කරන්න තිබුණා අාලෝක.අැත්තටම මට අායෙත් ඕනෙ අාදරේ නෙමෙයි අාලෝක,ඔයා ළඟට වෙලා අැති වෙන්න අඬන්න විතරමයි.

******************************************
"කවදාවත් එන්නෙ නැති මනුස්සයෙක් වෙනුවෙන් දුක් වෙන්න එපා භානු"

"භානු ජීවිතේ කියන්නෙ අාදරේ විතරක්ම නෙමෙයි"

" තමන්ව තේරුම් ගන්න බැරි මනුස්සයෙක් ගිය එකමයි හොඳ දෝණි, හිත හදාගන්න"

"හිත හදාගන්න...." හැමෝම කිව්වෙ එච්චරයි.


එ්ත් කොහොමද?😶





Monday, June 3, 2019

❄ හිම කිරම ❄



බොර පාට වෙච්ච කනස්සල්ල අතරින් මට පේන්නෙම ඉරි තැලුණු නුඹ
සීනියාස් මලක් වගේ හැඩවෙච්ච අතීතයට කනකොකෙක් හඬලන්න පටන් ගත්තම
කළු ගැහුණ නපුරු වළාකුලක් වගේ
මට ගොරව ගොරවා ගිය හැටි...
එ්ත් මං කියන්නෙ
 මහ වැස්සකට පස්සෙත් එ් අහසෙ රේන්බෝ ෆැන්ටසි මැවෙද්දි
අාදරේ මඩ පාට තැන් හොයලා රතු වෙච්ච හීනෙකින් පාට තවරන්න
මටත් පුළුවන් නෙහ්


ඉතිං අායෙත් අත් පටලගෙන අැවිදින්න එනව නම්;
මේ හිම කිරම
මං ගානෙ

නුඹට
🖤

ජීවිතේ කියන්නෙම දුකක්ද?

ජීවිතේ කියන්නෙම දුකක්ද? ඔයාට මතකද ඔයා ඉපදුණ දවස? නෑ නේද? එ්ත් දන්නවනෙ ඉපදුන ගමන්ම පොඩි උන් මොකද කරන්නෙ කියලා,අඬනවා...මහ හයියෙන්...