Sunday, November 8, 2020

අදත් හරි වැස්ස!

අදත් හරි වැස්ස

අද ඉරිදා නේද? , මං සමර් හට් එක යට ඉඳන් මගෙන්ම අහගත්තා.වෙනදට නම් මං ගෙදර නෙ, ඉරිදට.අකමැත්තෙන් වුණත් මං කැම්පස් එකේ ඉන්න පුරුදු වෙලා දැන්. 

කාලෙකින් වැස්සට වහින්න මතක් වෙලා වගේ,  ළඟ තියන් හිටිය වැහි බිංදු සේරම එකපාරටම බිමට හලනවා, මහා හදිස්සියකින්.හුලඟත් එක්ක හරි හරියට දුවන හිරිපොද මගෙ නිරුවත් කම්මුල් සීතල කළා. මං පාඩම් කරන්න ගෙනාව පොත් සේරම වහල දාලා හෙමීට අැස් පියාගත්තා.

***********************************************

කළු පාට කුඩයක්, කළු පාට ෂර්ට් එකක් එ්ත් එක්කම මං; කළු පාට බ්ලවුස් එකක් අැඳන්.

අැත්තටම එ්ක කළු පාට දවසක්,
ඔව්, අහසත් කළු වෙලා තිබුණෙ
මට මතකයි;
මං ඔයාගෙ වම් අතේ එල්ලිලා,වැස්සත් එක්කම අැවිදිනවා.
මිනිස්සු නතර වෙලා, වැස්සට බනිනවා.
එ්ත් අපි,
මහා අනෝරා වැස්සෙත් නතර වුණේ නෑ, දිගටම ඉස්සරහට ගියා,
හිනා වෙවී.

මට සීතලයි,
පොඩ්ඩක් සීතල වෙද්දිම මාව වෙවුලන්න පටන් ගන්නවා. මං ඔයාව තවත් හයියෙන් අල්ල ගත්තා.දැන් අපි අතරෙ කිසිම හිස්තැනක් නෑ.මං අාසයි ඔයා ළඟින් එහෙම ඉන්න.එතකොට මට ඔයා ළඟින් එන සීනිබෝල සුවඳ දැනෙනවා. අද නම් වැහි වතුරත් එක්ක සීනිබෝල දියවෙන්න පටන් අරන්,
ගොඩක් සුවඳයි.

මට මතකයි,
පාරෙ වාහන යනවා එනවා,
මඩ වතුර විසි කරගෙන.
මිනිස්සු කුඩ ඉහළින් හයියෙන් එහා මෙහා දුවනවා.

එ් අතරෙ,
සීතල වුණ අත් පටලගෙන,
අපි ;
අැවිදිනවා,
හෙමින්.
කතා කරනවා,
හිනා වෙනවා.

*******************************************
මං අැස් අැරියා,
මට තවත් එ් අැස් දිහා බලන්න අමාරුයි .

එතකොටම මගෙ යාළුවා අාවා, කළු පාට මගෙ කුඩෙත් අරන්.
ඔව් ,
එ් ඔයා අරන් දුන්න කළු කුඩේ.

හිරිකඩටද දුකටද මන්ද කම්මුල් දිගේ රූරපු කඳුළු බිංදුවක හැඩේ වතුර බිංදු මං අතින් පිහදාන ගමන් බංකුවෙන් නැඟිට්ටා,
අායෙත් වැස්සකටවත් අාදරේ නොකරන මගෙ පුරුදු ජීවිතේට යන්න.


ප.ලි.-බ්ලොග් එකට අාවේ මාස කීයකින්ද... ඉස්සර වගේ ලියන්නත් බෑ.හිතේ දුක කියල හැඟීමක් තියෙන්නම ඕනෙද ලියන්න...?🙁 මං දන්නෙ නෑ😁.මේ දැනට අවුරුදු 2කට කලින් ලියපු කතාවක්.

No comments:

Post a Comment

අදත් හරි වැස්ස!

අදත් හරි වැස්ස අද ඉරිදා නේද? , මං සමර් හට් එක යට ඉඳන් මගෙන්ම අහගත්තා.වෙනදට නම් මං ගෙදර නෙ, ඉරිදට.අකමැත්තෙන් වුණත් මං කැම්පස් එකේ ඉන්න පුරු...